කොවිඩ් වසංගතයෙන් ලොව පුරා අවුරුදු අසිරියට බාධා

Untitled-design-2020-12-31T083023.698-784x441-1.jpg

නව වසර උදාව නිමිත්තෙන් සුපුරුදු ලෙස පැවැත්වෙන උත්සව සහ ප්‍රිය සම්භාෂනවලට කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර බාධා එල්ල වී තිබේ. විශේෂයෙන්ම, ලොව පුරා රටවල් රැසක් කොවිඩ් – 19 වෛරසයේ නව රැල්ල මැඩපැවැත්වීමේ දැඩි පරිශ්‍රමයක නිරතව සිටීම ඊට හේතුවයි.

සිඩ්නි නගරයේ සිට නිව්යොර්ක් දක්වා වාර්ෂිකව පැවැත්වෙන ගිණිකෙළි සංදර්ශන සහ ජනයා ඒකරාශීවීම් මෙවර අවලංගු කොට තිබේ. කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් පැතිර යාම හේතුවෙන් යුරෝපය පුරා ද දැඩි නිහැඬියාවක් දක්නට ලැබිණ.

නව අවුරුදු උදාව නිමිත්තෙන් පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රිය සම්භාෂන සහ සාද නතර කිරීමට ප්‍රංශය 100,000 ක පොලිස් බලඇණියක් වීථි බස්වා තිබිණ.

මීට වසරකට පෙර ආරම්භ වූ වෛරසයෙන් ලොව පුරා මිලියන 1.8 කට වැඩි පිරිසක් මරණයට පත් වූ අතර තවත් මිලියන 81කට වැඩි පිරිසක් රෝගයේ ආසාදනයට ලක්ව සිටිති. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top