නවසීලන්ත මහමැතිවරණය: ජසින්ඩා ආර්ඩන්ගේ කම්කරු පක්ෂයට විශිෂ්ඨ ජයක්

yq-ardern-17102020.jpg

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් අද පැවති එරට මහමැතිවරණයේදී විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට සමත්වෙයි.

 

ඡන්ද ප්‍රතිඵලවලින් බහුතරයක් ගණනය කොට අවසන්ව ඇති අතර ආර්ඩන්ගේ මධ්‍ය-වාමාංශික කම්කරු පක්ෂයට 49% ඡන්ද ප්‍රමාණයක් හිමිව ඇතැයි වාර්තාවේ. ඒ අනුව ඇයට පාර්ලිමේන්තුව තුළ දුර්ලභ අති බහුතර බලයක් හිමිවනු ඇතැයි ‍අපේක්ෂා කෙරේ.

 

රටේ ප්‍රධානතම විපක්ෂය වන මධ්‍ය-දක්ෂිණාංශික ජාතික පක්ෂයට හිමිව ඇත්තේ 27% ක් පමනි. ඒ අනුව එම පක්ෂය දැනටමත් මැතිවරණයේ පරාජය බාරගෙන තිබේ.

 

පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් මාසයකින් කල් තබා තිබිණ. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top