නවසීලන්ත මහමැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලැබුවද, සන්ධාන රජයක් පිහිටුවා ගැනීම කෙරෙහි ජසින්ඩා ආර්ඩන්ගේ අවධානය

70f49cd2-bbd8-4581-98d8-adde0be1ef18.jpeg

කම්කරු පක්ෂයට තනිව ආණ්ඩුවක් පිහිටුවා ගත හැකි පරිදි ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකර ගනු ලැබුව ද සන්ධාන රජයක් පිහිටුවා ගැනීමට තමන් අපේක්ෂා කරන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් පවසයි.

කොවිඩ් – 19 වසංගතය හමුවේ දිගු මැතිවරණ ප්‍රචාරක සමයකින් පසු ඉරිදා දිනයේ යළිත් වරක් ජසින්ඩා ආර්ඩන් බලයට පැමිණීමේ පුවත, නවසීලන්ත වැසියන්ට අස්වැසිල්ලට කාරණයක් වූ බව ද ගාර්ඩියන් පුවත්පත පවසයි. දශක පහකට පසු නවසීලන්තයේ ආණ්ඩුවක් හිමිකරගත් විශාලතම ජයග්‍රහණයට හිමිකම් කියමින් ආර්ඩන්ගේ කම්කරු පක්ෂය පාර්ලිමේන්තු ආසන 64 ක් දිනා ගැනීමට සමත්විය. කොවිඩ් – 19 වසංගතය කළමණාකරණය කරගැනීමෙහිලා ආර්ඩන් පෙන්වූ නායකත්වය කම්කරු පක්ෂයේ ජයග්‍රහණයට හේතුවූ බව නිරීක්ෂකයෝ පවසති.

රට වැසියන් කෙරෙහි දක්වන දයානුකම්පාව මෙන්ම දේශගුණික විපර්යාසය පිටුදැකීමෙහිලා ඇය දක්වන කැපවීම අගය කරමින් ලෝක නායකයෝ රැසක් ජසින්ඩා ආර්ඩන්ට සුබපැතූහ.

ජයග්‍රහණයෙන් පසු සුපුරුදු ලෙස තම රාජකාරී ආරම්භ කළ ආර්ඩන් පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨයන් සමඟ කෝපි කෝප්පයක රස බැලීමට ද අමතක නොකළාය.

සන්ධාන රජයකට සම්බන්ධ කරගන්නා පාර්ශව සමඟ සාකච්ඡා කොට, සති තුනක් ඇතුළත නව රජයක් පිහිටුවීමට තමන් අපේක්ෂා කරන බව අගමැතිවරිය පවසයි. ඇයගේ ප්‍රතිවාදියා වන, ජාතික පක්ෂ නායිකා ජුඩිත් කොලින්ස් තවදුරටත් තම පක්ෂයට නායකත්වය ලබාදෙන බව අද කියා සිටියාය. මැතිවරණයේදී ආසන 10 ක බලය හිමිකරගත් හරිත පක්ෂයේ සම-නායකයන් වන ජේම්ස් ෂෝ සහ මරාමා ඩේවිඩ්සන් ආර්ඩන් සමඟ සාකච්ඡා කළ බව තහවුරු කළහ. ගියවර මැතිවරණයට වැඩිපුර ආසන දෙකක් හිමිකරගත් එම පක්ෂය නව සන්ධානයක් ගොඩනැගීමට ආර්ඩන් හා එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.  

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top