නවසීලන්තයේ අරුම පුදුම කැබිනට් මණ්ඩලය

4116.jpg

පසුගිය මාසයේ පැවති මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් පසු නවසීලන්තය අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් නව කැබිනට් මණ්ඩලයක් පත් කරයි.

කොවිඩ් – 19 වසංගතයෙන් පසු ආර්ථික ප්‍රකෘතියට ප්‍රමුඛතාවය දීමට ලබාදුන් මැතිවරණ පොරොන්දුව අනුව යමින් “ඇදහිය නොහැකි තරම් විවිධාකාර” කැබිනට් මණ්ඩලයක් පත් කළ බව ආර්ඩන් කියා සිටී.

හිටපු මුදල් ඇමති ග්‍රාන්ට් රොබට්සන් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කරන ලදී. ඔහු එම තනතුර පත් ප්‍රසිද්ධියේම තමන් සම ලිංගිකයෙකු ලෙස හඳුන්වා ගන්නා ප්‍රථම පුද්ගලයා යි.  රොබට්සන් තවදුරටත් මුදල් අමාත්‍ය ධුරය ද හොබවයි.

සාමාජිකයින් 20 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයේ කාන්තාවන් සහ ස්වදේශීය මාඕරි ප්‍රජාව ද දැඩි ලෙස නියෝජනය කෙරෙති.  මාඔිරි කාන්තාවක වන නව විදේශ ඇමතිනි නැනියා මහූටා “මොකෝ කවායි” නමැති සාම්ප්‍රදායික පච්චයක් නිකටෙහි කොටා ඇත.

1996 දී නවසීලන්තය ජර්මනියට සමාන ආකාරයේ සමානුපාතික නියෝජන ක්‍රමයකට මාරුවීමෙන් පසු පළමු තනි පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබා දෙමින් ආඩර්න් සිය අමාත්‍ය ධුරය නවීකරණය කර තිබේ.

ඉදිරි වසර තුන නවසීලන්තයට ඉතා අභියෝගාත්මක වනු ඇත,” ඇය වෙලින්ටන්හිදී වාර්තාකරුවන්ට පැවසුවාය. “ගෝලීය තත්වය නරක අතට හැරීමත් සමඟ කොවිඩ් වසංගතය ලොව පුරා ඇති කරන බලපෑමෙන් අප නිදහස් නොවනු ඇත.”

තම කැබිනට් මණ්ඩලයේ විවිධත්වය ගැන ආඩම්බර වන අතරමආර්ඩර්න් ද කියා සිටියේ සුදුසුකම් මත පත්වීම් ලබා දී ඇති බවයි.

එය විවිධ කුසලතා හා දක්ෂතා ඇති කැබිනට් මණ්ඩලයක් වන අතර ඇදහිය නොහැකි තරම් විවිධාකාර වේ” යැයි 40 හැවිරිදි ඇය කියා සිටියාය.

නව රජය සිකුරාදා දිවුරුම් දෙනු ඇත.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top