සැකකටයුතු ඉස්ලාමීය ත්‍රස්තවාදීහු නයිජර්හි පුද්ගලයන් 79 දෙනෙකු ඝාතනය කරති

116332341_gettyimages-1228138477.jpg

GETTY IMAGE

සැකකටයුතු ඉස්ලාමීය ත්‍රස්තවාදීන් පිරිසක් නයිජර් රාජ්‍යයේ ගම්මාන දෙකකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයෝ 79 දෙනෙක් ඝාතනයට ලක් වෙති. ටීචොම්බන්ගෝ නමැති ගම්මානයට එල්ල වූ ප්‍රහාරයෙන් 49 දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙක් තුවාල ලැබූහ. සාරෝම්දරේයේ ගම්මානට එල්ල කළ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 30 කි. මෙම ගම්මාන දෙකම නයිජර් රාජ්‍යයේ බටහිරදිග මාලි දේශසීමාව ආසන්නයේ පිහිටා තිබේ.

අප්‍රිකාවේ සාහේල් ප්‍රදේශයේ ත්‍රස්ත කණ්ඩායම් විසින් මෑතකදී මෙවැනි ප්‍රහාර ගණනාවක් සිදුකර ඇත. මාලි රාජ්‍යයේ දී තම සෙබළුන් දෙදෙනෙකු සෙනසුරාදා දිනයේ දී ඝාතනය කර ඇතැයි ප්‍රංශය කියයි. පැය කිහිපයකට පෙර, අල් ඛයිඩා සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් සඳුදා දිනයේ දී එල්ල කළ තවත් ප්‍රහාරයකින් ප්‍රංශ හමුදා සෙබළුන් තිදෙනෙකු ඝාතනය කළ බව පිළිගෙන තිබේ.

 

බටහිර අප්‍රිකානු කලාපයේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහි බටහිර අප්‍රිකානු සහ යුරෝපා රටවලින් සැදුම්ලත් සන්ධානයකට ප්‍රංශය නායකත්වය ලබා දෙයි.

නමුත් නයිජර් සහ මාලි රාජ්‍යය තවදුරටත් ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා, මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට මුහුණ පා සිටී.

 

නයිජර් රාජ්‍යයේ නවතම ප්‍රහාර වාර්තා වන්නේ වසර පහක තම ධූර කාලය නිමවා ජනාධිපති මහමඩෝ ඉසෝ‌ෆු ඉල්ලා අස්වීමෙන් අනතුරුව රට මහ මැතිවරණයකට මුහුණදීමට සූදානම් වන අතර ය.

 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top