GETTY IMAGES
ඉකුත් ජනවාරි මස 2 දායින් අවසන් වූ සතිය තුළ, එංගලන්තයේ පෞද්ගලික නිවාසවල සිටින සෑම පුද්ගලයන් 50 දෙනෙකුගෙන් එක් අයෙකුට – එනම් මිලියන 1.1 කට වැඩි පිරිසකට – කොරෝනා රෝගය වැළඳී ඇතැයි එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය පවසයි.

එම කාර්යාලය ඊයේ තම සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන විටත් එක්සත් රාජධානිය තුළ වසංගතය ආරම්භවීමෙන් පසු මුල් වරට නව රෝගීන්ගේ සංඛ්‍යාව 60,000 දක්වා ඉහළ ගොස් තිබිණ.
ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය සිදු කළ නවතම සමීක්ෂණයට අනුව, ඉකුත් දෙසැම්බර් 27 දින සිට ජනවාරි මස 2 දින දක්වා ගතවූ සතිය තුළ එංගලන්තයේ පෞද්ගලික නිවාසවල කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,122000 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම සංඛ්‍යාලේඛනවලට රෝහල්වල, සාත්තු නිවාසවල හෝ අනෙකුත් ආයතික පරිශ්‍රයන්හි සිටින රෝගීන් ඇතුළත් කොට නොමැත.
එක්සත් රාජධානිය තුළ මේ වන විට සමස්ථ කොවිඩ් – 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2.71 ක් වන අතර මරණ සංඛ්‍යාව 75,431 කි.