ඔක්ස්ෆර්ඩ් විශේෂයෝ මිනිත්තු පහක කොවිඩ් -19 පරීක්ෂා කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙති

Wo16-Oxford-test.png

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් මෙය “අතිශය වේගවත් රෝග විනිශ්චය පරීක්ෂණයක්” ලෙස හඳුන්වාදී ඇති අතර එහිදී මිනිත්තු පහකටත් අඩු කාලයකදී වෛරස් හඳුනා ගත හැකිය.

මෙම ක්‍රමයට ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව කොවිඩ් –19 රෝගයට හේතුවන SARS-CoV-2 වෛරසයනිශේධණාත්මක සායනික සාම්පල වලින් මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා සහ සෘතුමය මානව කොරෝනා වෛරසය වැනි වෙනත් පොදු ශ්වසන රෝග කාරක වලින් වෙන්කර හඳුනාගත හැකිය.

ඔක්ස්ෆර්ඩ් සරසවිය අද කියා සිටියේ ජානමය නිස්සාරණය, පිරිසිදු කිරීම හෝ වෛරස් විශාල කිරීමකින් තොරව මෙම ක්‍රමවේදය ආරම්භ වන්නේ කෝවිඩ් –19 රෝගීන්ගෙන් උගුර සෘජුව පරීක්ෂා කිරීමෙන් පසු කෙටි ප්‍රතිදීප්ත
ඩීඑන්ඒ කෙඳි සහිත නියැදියේ වෛරස් අංශු කඩිනමින් ලේබල් කිරීමෙන් ය.

ඉන්පසු නියැදියේ රූප එක්රැස් කිරීම සඳහා අන්වීක්ෂයක් භාවිතා කරනු ලැබේ, සෑම රූපයකම ප්‍රතිදීප්ත ලෙස ලේබල් කරන ලද වෛරස් සිය ගණනක් අඩංගු වේ. යන්ත්‍ර ඉගෙනීමේ මෘදුකාංග නියැදියේ ඇති වෛරසය ඉක්මනින් හා ස්වයංක්‍රීයව හඳුනා ගනී.

 2021 මුල් භාගයේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට විද්‍යාඥයින් බලාපොරොත්තු වන අතර, එම අවස්ථාවේ සිට මාස හයක් ඇතුළත අනුමත උපාංගයක් ලබා ගත හැකිය.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top