පැන්තියන්: වසර 2,000 කට පසුත් අද දක්වාම භාවිතයේ පවතින විස්මයජනක වාස්තු විද්‍යාත්මක නිමැවුම

Capture-6.png

ඉතාලියට පැමිණෙන අමුත්තන් රෝමයේ පැන්තියන් ගොඩනැගිල්ල වෙත ඇවිද ගොස් එහි දැවැන්ත ගෝලාකාර ශාලාව තුළට වැදුණු විට, මීට වසර 2,000 කට පමණ පෙර එහි පැමිණි අමුත්තන්ට දැනුණු ආකාරයට සමාන නාට්‍යමය අත්දැකීමක් ඔවුන්ට ද අත්විඳිය හැකිය.

පැන්තියන් තුළට පිවිසෙන ඕනෑම කෙනෙකුට වහාම මිනිස් ඉතිහාසයේ ප්‍රෞඪත්වය පමණක් නොවමිනිස් නිර්මාණශීලීත්වයේ ඇදහිය නොහැකි සැහැල්ලු බව ද දැනේ” යැයි ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ මහාචාර්ය සහ රෝමයේ ඇමරිකානු ඇකඩමියේ හිටපු අධ්‍යක්ෂ ජෝන් ඔක්සෙන්ඩෝෆ් පැවසීය.

පුරාණ රෝම ගෘහ නිර්මාණ ශිල්පීහු ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සාදන ලද පැන්තියන් සඳහා පෝටිකෝවක් නිර්මාණය කළහ. නමුත් ගොඩනැගිල්ලේ අභ්‍යන්තරය ග්‍රීකවරුන්ට ද සිතාගත නොහැකි විය.

ඔබ මේ උදාර අවකාශයට පැමිණ උඩ බැලූ විට අහස හෝ පාව යන වලාකුළක් ඔබට දිස්වේ. ඔවුන් සහස්‍ර දෙකකට පමණ පෙර මෙය කළේ කෙසේද?’  යනුවෙන් ඔබට සිතෙනු නිසැක ය.

පැන්තියන් යනු ලොව පැරණිතම ගොඩනැගිල්ල වන අතර එය අදටත් භාවිතයේ පවතී. 7 වන සියවසේ සිට එය රෝමානු කතෝලික පල්ලියක් විය.

රෝමානු අධිරාජ්‍යයා වූ පබ්ලියස් ඒලියස් හැඩ්රියානස් විසින් 125 A.D පමණ ඉදිකරන ලද මෙය සැබවින්ම ගොඩනැගිල්ලේ තුන්වන ඉදිකිරීම් අවදියයි. පළමු පැන්තියන් ගොඩනැගිල්ල ක්‍රිස්තු වර්ෂ 80 පමණ ගින්නකට හසුවූ අතර එය ටික කළෙකට පසු නැවත ගොඩනඟන ලද නමුත් එය ද අකුණු සැර වැදීමෙන් නැවත ක්‍රිස්තු වර්ෂ 110 දී පමණ ගිනිබත් විය. ගොඩනැගිලිල්ලට අත්වූ අවාසනාවන්ත ඉරණම හේතුවෙන් පැන්තියන් ශාපයට ලක්වූ ස්ථානයක් බවට කටකතා ඇති විය.

සම්පුර්ණ කරන ලද ව්‍යුහයේ මුහුණත පුරාණ ග්‍රීක කැටයමින් අලංකෘත කර ඇති අතරපෝටිකෝ පිවිසුමකින් යුත් ත්‍රිකෝණාකාර මුදුනක් සහ කොරින්තියානු තීරු පේළි දෙකක් ඇත. අභ්‍යන්තරය පුළුල් ඉඩකඩක් සහිත, මනා වාත්‍රාශයෙන් යුක්ත වූ අතර එය අද දක්වාම ගෝලාකාරයකින් ආවරණය වී ඇත – එය තවමත් ලොව විශාලතම සහාය නොදක්වන බදාමයෙන් කල ගෝලාකාර ගොඩනැගිල්ල ලෙස සැළකේ.

එය භාවිතා කළේ කුමක් සඳහාද?

පැන්තියන් යන්නෙහි තේරුම සියලු දෙවිවරුන්” යන්නයි. මෙම ගොඩනැගිල්ල රෝම දෙවිවරුන් වෙනුවෙන් කැප කරන ලද පූජනීය ස්ථානයක් යැයි සාමාන්‍යයෙන් සිතුවදඑහි මුල් අරමුණ සැබවින්ම නොදනී.

පුරාණ ග්‍රන්ථවල ඒ ගැන සඳහන් කිරීමත් සමඟ ඉතිහාසඥයන් තරමක් අඳුරේ අත පත ගා ඇත. එය දේවමාළිගාවක් විය හැකි නමුත් රෝමානු ගොඩනැගිලි සාමාන්‍යයෙන් බහුකාර්ය භාවිතයෙන් යුක්ත බව වාස්තු විද්‍යා ඉතිහාසඥයෙකු හා මානව ශාස්ත්‍ර අධ්‍යාපනඥයෙකු වන ලින් ලැන්කැස්ටර් පවසයි. “සැබැවින්ම පැන්තියන්හි සිදුවූ දේ කීමට අපහසුය."

පැන්තියන් විවිධ අරමුණු සඳහා භාවිතා කර ඇති නමුත් ඇතුළත සිදුවූයේ කුමක්දැයි ඉතිහාසඥයින්ට ද නිශ්චිත අදහසක් නැත.

පුරාවෘත්තයන් පවසන්නේ රෝමයේ නිර්මාතෘ රොමියුලස් ස්වර්ගයට ගිය ස්ථානය එය බවයි. තවත් සමහරු විශ්වාස කරන්නේ රෝම අධිරාජ්‍යයාට පැන්තියන් හරයා දෙවිවරුන් සමඟ සන්නිවේදනය කළ හැකි වූ බවයි. මෙවායේ සත්‍යතාවය කුමක් වුවත්බොහෝ රෝමානු වාස්තු විද්‍යාත්මක ජයග්‍රහණ මෙන්මෙම දැවැන්ත නිර්මාණය ද  අධිරාජ්‍ය බලයේ වැදගත් සංකේතයක්” ලෙස හඳුන්වා දිය හැකිය”, පැන්තියන් හි වත්මන් අධ්‍යක්ෂක ලූකා මර්කුරි පවසයි.

ඇත්ත වශයෙන්මඑකල රෝම ගෘහ නිර්මාණ ශිල්පය ධනයශක්තිය සහ අභිමානය මූර්තිමත් කළේය. සියවස් ගණනාවකට පසුනව්‍ය සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් පැන්තියන්හි පෝටිකෝව සහ ගෝලාකාර වාස්තු විද්‍යාත්මක සංයෝජනය වොෂිංටන් ඩී.සී. හි එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලේ සිට ලන්ඩනයේ සොමර්සෙට් මන්දිරය දක්වා ඔවුන්ගේ ගොඩනැඟිලි අගයන්ට සමාන කොට දැක්වීමට යොමු වනු ඇත.

මෙම ගොඩනැගිල්ල ඉදිකරන ලද්දේ කෙසේද?

පැන්තියන් යනු රෝම අධිරාජ්‍යයේ වාස්තු විද්‍යාත්මක අරුමයකි.

ඔකියුලස් හෙවත් අක්ෂි – ලතින් භාෂාවෙන් “ඇස" සඳහා යොදනු ලබයි – යන කොටස අඩි 30 ක් දිගට විහිදෙන අතර එම ව්‍යුහය අහසට විවර වේ. අක්ෂි හරහා හිරු රැස් පතිතවන අතරකුණාටු පවතින විටඒ ඔස්සේ වර්ෂාව දිය ඇල්ලක් මෙන් ගොඩනැගිල්ල අභ්‍යන්තරයට වැටේ.

පිවිසුම් දොරටුව සමඟගොඩනැගිල්ලේ ඇති එකම ස්වාභාවික ආලෝක ප්‍රභවය අක්ෂිය වේ.

“පැලැන්තියන් ගොඩනැගිල්ල ජ්‍යාමිතිය හා ඉදිකිරීමේ තාක්ෂණයේ ප්‍රවීණත්වයක් පෙන්නුම් කරයි – ඔවුන්ට මේ සා විශාල ගෝලාකාර ගොඩනැඟිය ඉදිකළ හැකි බවත් කේන්ද්‍රයේ අක්ෂයක් විවෘතව තැබිය හැකි බවත් ඔප්පු කර පෙන්වයි, “ ඔක්සෙන්ඩෝෆ් පවසයි.

මධ්යකාලීන යුගයේදීආගමික නායකයෝමෙම ඉදිකිරීම ඇදහිය නොහැකි තරම් වූ බැවින්එය යක්ෂයාගේ වැඩක් යැයි විශ්වාස කරමින් පැන්තියන්හි ශුද්ධත්වය පිළිබඳව සැක පහළ කළහ.

නමුත් එය සාතන් නොවේ; එය ඉංජිනේරු විද්‍යාවයි.

සුදුකහදම් සහ කළු කිරිගරුඬ මධ්‍යධරණී මුහුදෙන් ආනයනය කළදඑය කොන්ක්‍රීට් – රෝම නව නිපැයුමක්  – ගෘහ නිර්මාණ ශිල්පීන්ට බර උසුලන කුළුණු සහිත ඉඩකඩ ඇති මෙම ගෝලාකාර ගොඩනැගිල්ල ඉදිකිරීමට හැකිවූයේ රෝමයේ නව නිපැයුමක් වන කොන්ක්‍රීට් හේතුවෙන් ය.

විශාල ගෝලාකාර ව්‍යුහයක ස්ථායීතාවයක් ඇති කිරීම සඳහා වූ එක් උපක්‍රමයක් නම්කොන්ක්‍රීට් මිශ්‍රණයේ ඉහළට ලඟා වන විට ක්‍රමයෙන් සැහැල්ලු ගල් භාවිතා කිරීමයි. අක්ෂය වටා සැහැල්ලු ගිනිකඳු පාෂාණයක් සහිත ගල් යොදාගෙන ඇති අතර පාමුල‍ ඉදිකිරීමෙහිලා බර ගඩොල් භාවිතා කළ හැකිය.

පැන්තියන් එහි ඉදිකිරීමේ රහස් කිහිපයක් හෙළි කර ඇතත්ලැන්කැස්ටර් පැවසුවේ එය තුළ තවමත් අබිරහස් ගණනාවක් සැඟව ඇති බවයි.  දවස ගෙවී යත්මසූර්යයා ගෝලාකාර අභ්‍යන්තරය වටා දිලිසෙන අතර යෝධ ඉරක් මෙන් එහි ගිලුණු ජාලයට ආලෝකය විහිදුවයි.

එය ඔබට සැබවින්ම පෘථිවියේ  හැරීම නැරඹිය හැකි‍ ලොව පවතින ස්ථාන කිහිපයෙන් එකකි."

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top