ප්ලාස්ටික් බෝතල්වල අසුරා සිටි ගිරවුන් රැසක් ඉන්දුනීසියාවෙන් සොයා ගැනේ

115582618_gettyimages-1204925426.jpg

නීති විරෝධී ලෙස ප්ලාස්ටික් බෝතල්වල අසුරා රැගෙන යමින් තිබූ ගිරවුන් රැසක් ඉන්දුනීසියාවේ නැගෙනහිර පැපුවා ප්‍රදේශයේ නෞකාවක දී සොයා ගැනීමට පොලීසිය සමත් වෙයි.

විශාල පෙට්ටියක් තුළින් ඇසුණු ශබ්දයකින් අනතුරුව සිදු කළ සොයා බැලීමකදී

සජීවී ගිරවුන් 64 දෙනෙකු හමුවූ අතර තවත් ගිරවුන් 10 දෙනෙකු මියගොස් සිටි බව පොලිසිය පවසයි.

ආසියාවේ වඳව යාමේ තර්ජනයට මුහුණ පා සිටින දුර්ලභ ඝනයේ පක්ෂීන් වැඩිම සංඛ්‍යාවකට ඉන්දුනීසියාව හිමිකම් කියයි. ඒ නිසාම ඉන්දුනීසියාව නීති විරෝධී පක්ෂීන් ජාවාරමේ ප්‍රධානතම මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතැයි වාර්තාවේ.

මෙම පක්ෂීන් කුමන ගමනාන්තයක් කරා රැගෙන යමින් තිබුණේ ද යන්න තවමත් තහවුරු වී නැතැයි පොලීසියි කියයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top