‘විලෝපිකයන් නැත, කෑමට ඕනෑ තරම්’: නවසීලන්තයටත් මොනර උවදුරෙන් බලපෑම්

2336.jpg

තම සුන්දරත්වය නිසාම ලොව පුරා ප්‍රසිද්ධියට පත් පක්ෂියෙකු නවසීලන්තයේ ගොවිපලවල් වලට ඉමහත් විනාශයක් ඇති කරමින් තම ගහණය සීඝ්‍රයෙන් වර්ධනය කරගනිමින් සිටී. මොනරුන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම නිසා තම පශු සම්පත් යැපෙන තණබිම් සීඝ්‍රයෙන් වියැකී යන බවට ගොවීහු චෝදනා කරති.

නවසීලන්තයේ පක්ෂී විද්‍යා සංගමයට අනුවරළු සහ වනගත වාසස්ථාන වලට වැඩි කැමැත්තක් දක්වන මෙම පක්ෂීන් උතුරුදිග දූපතේ උණුසුම් ප්‍රදේශ පුරා පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති අතර ක්‍රයිස්ට්චර්ච් සහ ඩුනෙඩින් දක්වා දකුණු දෙසට ද ව්‍යාප්ත වෙමින් සිටී.

මොනරුන්ට ස්වාභාවික විලෝපිකයන් නොමැති තත්වයක් තුළ එම පක්ෂීන් සංඛ්‍යාත්මකව ඉහළ යමින් බඩ ඉරිඟු, තිරිඟු සහ අනෙකුත් වගාබිම්වලට විශාල හානියක් සිදුකරන බවට ගොවීහු මැසිවිලි නඟති.

නවසීලන්තයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% කට පමණ ගොවිතැන දායකත්වයක් දක්වයි.

ගොවීන් කුරුල්ලන්ට වෙඩි තබා වැඩෙන සංඛ්‍යාව කළමනාකරණය කිරීමට උත්සාහ කර ඇතත්, වෙඩි තැබීම්වලින් පසු දුරස්ථව සිටීමට මෙම පක්ෂීන් කඩිනමින් ඉගෙන ගෙන ඇතැයි සීඑන්එන් ප්‍රවෘත්ති සේවය පවසයි.

මොනරුන් පාලනය කිරීමට යොදා ගන්නා කිසිදු විෂ වර්ගයක් ද සහතික කර නොමැති බව එම වාර්තාවල දැක්වේ. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top