පෙන්ටගනය මැද පෙරදිග හා අප්‍රිකානු තානාපති කාර්යාලවල ඉහළ මට්ටමේ ආරක්ෂක නිලධාරීන් ඉවත් කරගනී

860x394.jpg

ද වෝල් ස්ට්‍රීට් ජර්නල්  පුවත්පතේ වාර්තාවකට අනුව, පෙන්ටගනය අප්‍රිකාව, මැදපෙරදිග සහ ලොව පුරා පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් ඉහළ පෙළේ හමුදා නිලධාරීන් ඉවත් කර ගැනීම අරඹා ඇති අතර, චීනය සහ රුසියාව කෙරෙහි යුද අවධානය යොමු කිරීම එහි අරමුණ වී තිබේ.

ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් විසින් අත්සන් කරන ලද සංදේශයක් සමාලෝචනය කරන එම පුවත් පත එක්සත් රාජධානිය සහ සවුදි අරාබිය ඇතුළු මිත්‍ර රටවල් අටක ආරක්ෂක අනුචරයා තනතුර පහත හෙලීමට නියෝග කර ඇතැයි පවසයි. බටහිර අප්‍රිකාවේ තානාපති කාර්යාල කිහිපයකින් එම නිලධාරීන් මුළුමනින්ම ඉවත් කරගෙන ඇති බව ද එම පුවත්පත කියා සිටී.

ආරක්ෂක අනුචරයා (defense attaché) යනු රාජ්‍ය තාන්ත්‍රික තනතුරු සඳහා එක්සත් ජනපදය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා ය. විදේශීය සටන්කාමීන් පුහුණු කිරීමආයුධ අලෙවිය සංවිධානය කිරීම සහ රට තුළ එක්සත් ජනපද හමුදා බලකායන් සම්බන්ධීකරණය කිරීම අධීක්ෂණ නිලධාරීන්ගේ රාජකාරි අතර වේ.

එස්පර් විසින් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී කාර්යමණ්ඩල සභාපති ජනරාල් මාර්ක් මිලේට යවන ලද රාජකාරී ලිපියකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයකුවේට්ඉරාකයතුර්කිය සහ එක්සත් රාජධානිය යන රටවල ආරක්ෂක අනුචරයා තනතුරට අවශ්‍ය සුදුසුකම ජනරාල් සහ අද්මිරාල් තනතුරේ සිට කර්නල් හෝ නාවික කපිතාන් තනතුර දක්වා පහත හෙළනු ලැබ ඇත.

සමාලෝචනයට භාජනය වී ඇති විකල්ප අතර අපගේ හමුදා සහ අපගේ ජනතාව ජාතික ආරක්ෂක උපාය මාර්ග සමඟ පෙළගැස්වීමට මෙන්ම ගෝලීය හවුල්කාරිත්වයන් සහ හැකියාවන් සමඟ සම්බන්ධ කෙරෙනු ඇත” යනුවෙන් පෙන්ටගනය එස්පර්ගේ සංදේශය පිළිබඳ ප්‍රකාශයක් කරමින් ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් පතට පැවසීය.

මැද පෙරදිග හා අප්‍රිකාවේ ත්‍රස්තවාදයට එරෙහිව යොදවා ඇති එක්සත් ජනපද හමුදාව චීනය සහ රුසියාව සමඟ “මහා බල තරඟයක්” කරා මාරු කළ යුතු බව 2018 ජාතික ආරක්ෂක උපාය මාර්ගයෙන් දැක්වේ. චීනය පෙන්ටගනයේ “අංක එකේ ප්‍රමුඛතාවය” බව 2019 දී තම තනතුරට මුල්වරට පත්වූදා පටන් එස්පර් පැහැදිලි කර ඇති අතර මොස්කව් හා බීජිං පාලනවලට එරෙහිව සටන් කිරීම සඳහා යුද වියදම් වැඩි කරන ලෙස ඉල්ලා තිබේ.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top