ෆයිසර් / බයෝටෙක් කොරෝනා වයිරස් එන්නත පුළුල් භාවිතය සඳහා අනුමත කළ ලොව පළමු රට බවට එක්සත් රාජධානිය පත්ව ඇත.

බ්‍රිතාන්‍ය නියාමකයා වන එම්එච්ආර්ඒ ආයතනය පවසන්නේ කොවිඩ් –19 රෝගයට එරෙහිව 95% ක් දක්වා ආරක්ෂාවක් ලබා දෙන එන්නත ලබන සතියේ සිට ජනතාවට ලබාදීමට ආරක්ෂිත බවයි.
ඒ අනුව, ඉහළ ප්‍රමුඛතා සහිත කණ්ඩායම්වල පුද්ගලයින් සඳහා ප්‍රතිශක්තිකරණය දින කිහිපයක් ඇතුළත ආරම්භ කිරීමට එංගලන්තය සූදානම් වෙයි.
එක්සත් රාජධානිය දැනටමත් මිලියන 20 ක පිරිසකට දෙවරක් බැගින් එන්නත් කිරීමට ප්‍රමාණවත් මිලියන 40 මාත්‍රා ප්‍රමාණයක් ඇණවුම් කර ඇත.
සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “උපකාරය ලැබෙමින් පවතී. ලබන සතිය මුලදී එන්නත ලබා දීමට එන්එච්එස් ආයතනය සූදානම්.”
රට තුළ රෝහල් 50 ක් පමණ එන්නත ලබාදීමට සූදානම්ව සිටින අතර සම්මන්ත්රණ මධ්‍යස්ථාන වැනි ස්ථාන එන්නත් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගැනෙණු ඇත.
එන්නත ලබාදීම ආරම්භ කළ හැකි වුවද, ජනතාව තවමත් සුපරීක්ෂාකාරීව සිටිය යුතු අතර රෝගය පැතිරීම නැවැත්වීම සඳහා කොරෝනා වයිරස් නීති අනුගමනය කළ යුතු බව විශේෂඥයෝ පවසති.
එයින් අදහස් කරන්නේ සමාජ දුරස්ථභාවය සහ මුහුණු ආවරණ සමඟ බැඳී සිටීම සහ වෛරසය ඇති පුද්ගලයින් පරීක්ෂා කිරීම සහ ආසාදිතයන්ට හුදෙකලා වන ලෙස ඉල්ලා සිටීමයි.