ෆයිසර් එන්නත කොරෝනා මර්ධන සටනට සූදානම්!

Homepage_5.18.20.jpg

ෆයිසර් එන්නත කොවිඩ් -19 මර්ධනය කිරීමෙහිලා 95% ක් ඵලදායී බව ඔප්පුවීමත් සමඟ අමෙරිකානු නියාමන අවසරය දින කිහිපයක් ඇතුළත ලබා ගැනීමට සූදානම් වෙයි.

සායනික අත්හදා බැලීමේ දත්ත පිළිබඳ අවසාන විශ්ලේෂණයට අනුව කොවිඩ් – 19 එන්නත 95% ක් ඵලදායී බැව් පෙන්නුම් කිරීමත් සමඟම දින කිහිපයක් ඇතුළත කොරෝනා වෛරසයක් සඳහා පළමු එක්සත් ජනපද නියාමන අවසරය අයදුම් කිරීමට තමන් සූදානම් බව ෆයිසර් ඉන්කෝපරේෂන් සසමාගම පවසයි.

එක්සත් ජනපදයේ ෂධ නිෂ්පාදන සමාගම සහ එහි හවුල්කාර බයෝටෙක් එස්ඊ සමාගම පැවසුවේ ඔවුන්ගේ එන්නත සියලුම වයස්වල සහ සෑම ජනවර්ගයකටම අයත් පුද්ගලයන්ට ආරක්ෂාකාරී බැව් ඔප්පුවී ඇති බවත්, මේ දක්වා සුරක්ෂිතභාවය පිළිබඳ සැලකිය යුතු ගැටළුවක් නොමැති බවත්, 44,000 කට ආසන්න සංඛ්‍යාවක් අත්හදාබැලීමට සහභාගී වූ බවත්ය.

අමෙරිකානු කොටස් වෙළෙඳ පොලේ ෆයිසර් සමාගමේ කොටස් 2.7% කින් ඉහළ ගිය අතර බයෝ එන්ටෙක් ඇමරිකානු තැන්පතු ලැබීම් 7.3% කින් ඉහළ ගියේය. ප්‍රවෘත්තියෙන් පසු යුරෝපීය කොටස්වෙළෙඳ පොලේ ද ලාභය පුළුල්ව ඇතැයි වාර්තාවේ.  

මෑත දිනවල කොවිඩ් – 19 ආසාදනයට එරෙහි එන්නත් කිහිපයකම යහපත් වර්ධනයන් රැසක් වාර්තා විය. මොඩර්නා ඉන්කෝපරේෂන් හි ප්‍රතිවාදී එන්නත ද සමානව ලදායී බව මෙම සතිය මුලදී ප්‍රකාශයට පත් කරන ලද දත්ත වලින් පෙනී ගොස් තිබේ. ඇස්ට්‍රාසෙනෙකා පීඑල්සී සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය එක්ව කොවිඩ් සටනට එරෙහි තුන්වන තරඟකරුවෙකු පිළිබඳ කළ අත්හදා බැලීමේ ප්‍රතිඵල නොබෝ දිනකින් නිකුත් කෙරෙනු ඇත.

ෆයිසර්-බයෝටෙක් දත්ත මගින් පෙන්නුම් කරන්නේ අත්හදා බැලීම් සඳහා සහභාගී වූ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සඳහා එන්නතෙහි කාර්යක්ෂමතාව 94% ට වඩා වැඩි බවයි.

මෝඩර්නා සහ ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත් දෙකම පදනම් වී ඇත්තේ මැසෙන්ජර් ආර්එන්ඒ මත වන අතර එය ඉතා ඉක්මණින් බෙදාහැරීමේ හැකියාවෙන් යුත් නව වර්ගයේ එන්නත් තාක්‍ෂණයකි. එය ශරීරයේ සෛල ඉතා කුඩා එන්නත් සාදන යන්ත්‍ර බවට පරිවර්තනය කරයි. ආරක්ෂිත ප්‍රතිදේහ නිපදවීම උත්තේජනය කරමින් කොරොන වයිරස් ස්පයික් ප්‍රෝටීන පිටපත් කිරීමට එන්නත් සෛල වලට උපදෙස් දෙයි.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top