කොඩ්‍රිලියන 10,000 ක් වටිනා රනින් සහ ලෝහවලින් ආඪ්‍ය ග්‍රහකයක් ගවේෂණය කිරීමට නාසා ආයතනය සැරසේ (video)

1x-1.jpg

A gold nugget is displayed at the Gold Expo held in J. Front Retailing Co.'s Matsuzakaya department store in Tokyo, Japan on Friday, April 12, 2013. Hedge funds and other speculators added to bullish gold bets as the metal slumped into a bearmarket and Goldman Sachs Group Inc. warned the retreat is accelerating after the longest rally in nine decades. Photographer: Yuriko Nakao/Bloomberg via Getty Images

බොහෝ ග්‍රහක හුදෙක් පාෂාණ හෝ අයිස්වලින් සමන්විත වුවද අප මේ කථාකරන 16 සයීකී (16 Psyche)  ග්‍රහකය ඊට බෙහෙවින් වෙනස් වූවකි.

නාසා ආයතනයේ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මෑතකදී සිදු කළ නිරීක්ෂණයක දී හෙළිවූ අන්දමට අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අතර ඇති අප සූර්යග්‍රහ මණ්ඩලයේ පිහිටි ප්‍රධානතම ග්‍රහක තීරයේ පිහිටි මෙම ග්‍රහකය නිකල් සහ යකඩවලින් සමන්විත ය. එම නිසාම මෙය බෙහෙවින් අසාමාන්‍ය ග්‍රහකයක් ලෙස සැළකේ. 

මෙම ග්‍රහකය සතු අමුද්‍රව්‍ය සම්පතෙහි වටිනාකම අනුව එය කොඩ්‍රිලියන 10,000 ක වටිනාකමකින් යුක්ත බව ඇතැම් තක්සේරුවලට අනුව ගණනය කර තිබේ. වඩාත් සරලව කිවහොත් එහි වටිනාකම 2019 වසරේ ලෝක ආර්ථිකයේ වටිනාකම මෙන් 70,000 ගුණයකින් විශාල ය. එනම් ලොව සෑම පුරවැසියෙකුටම ඩොලර් බිලියන 93 බැගින් ලබාදීමට එහි වෙළෙඳපොලේ වටිනාකම ප්‍රමාණවත් ය.

සයිකී ග්‍රහකයේ විශ්කම්භය සැතපුම් 140 ක් වන අතර එය සූර්යග්‍රහ මණ්ඩලයේ ග්‍රහක තීරයේ ඇති විශාලතම ආකාශ වස්තූන්ගෙන් එකක් ලෙස සැළකේ. එය කෙතරම් විශාල ද කිවහොත්, එය 1852 වසරේ මුල්වරට හඳුනා ගන්නා ලද්දේ 19 වන සියවසේ තාක්ෂණය යොදා ගනිමින් ය.

නමුත් මෙම ග්‍රහකය හා සම්බන්ධ නැවුම් ප්‍රවෘත්තිය නම් එහි සංරචකය කෙබඳු ද යන්නයි. The Planetary Science Journal සඟරාවට විද්‍යාඥයන් පිරිසක් ඉදිරිපත් කළ වාර්තාවකට සවුත්වෙස්ට් පර්යේෂණ ආයතනයේ පර්යේෂක ආචාර්ය ට්‍රේසි බෙකර් පවසන්නේ මෙය අතිශයින්ම දුර්ලභ ඝනයේ ලෝහමය ග්‍රහකයක් බවයි.

බොහෝ දුරට ලෝහමය උල්කාපාත අපි දැක ඇත්තෙමු. නමුත් සයිකී ග්‍රහකය බෙහෙවින් අද්විතීය වූවක්”, ඔහු පවසයි. “පෘථිවියට ලෝහ හරයක්ආවරණයක් සහ කබොලක් ඇත. සයික් ග්‍රහකයක පූර්ව අවස්ථාවක් නිර්මාණය වීමේදී එය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ තවත් වස්තුවක ගැටීමෙන් එහි ආවරණ සහ පෘෂ්ඨය ගැලවී ගියා වන්නට පිළිවන. ”

ඔක්සිකරණය සූර්ය සුළඟින් සිදුවන බව විශ්වාස කෙරේ. සූර්යයාගේ කොරෝනයෙන් ආරෝපිත අංශුවල මෙම ප්‍රවාහය වල්ගා තරු වල අලංකාර වලිගපෘථිවි වායුගෝලයේ අරෝරා සෑදීම සහ සයිකී වැනි ග්‍රහක නිර්මාණය වීමට ද හේතු වේ.

එවැනි ලෝහ ග්‍රහක අතිශයින් දුර්ලභ වන අතරඅභ්‍යවකාශ යානයක් භාවිතයෙන් එය සමීපව අධ්‍යයනය කිරීමේ මෙහෙයුමක් සඳහා 2017 දී සයික් ලැයිස්තු ගත කරන ලදී. නාසා ආයතනය විසින් මෙහෙයවනු ලබන මෙම මෙහෙයුම 2022 ස්පේස්එක්ස් ෆැල්කන් හෙවි නමැති රොකට්ටුවකින්  යොදා ගනිමින් දියත් කිරීමට නියමිතය. මිනිසුන් රහිත අභ්‍යවකාශ යානය මුළුමනින්ම පාහේ ලෝහයෙන් නිමවූ ග්‍රහකයට ගමන් කළ ප්‍රථම ගවේෂණ යානය බවට පත්වනු ඇති අතර එය ග්‍රහක හා සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ අපගේ දැනුමේ නිම්වළලු වඩාත් පුළුල් කරනු ඇත.

සයිකී සෞරග්‍රහ මණ්ඩලය තරම්ම පැරණි යැයි විශ්වාස කරන හෙයින්මෙම මෙහෙයුමේදි කෙරෙන සොයාගැනීම් මගින් ග්‍රහලෝක සෑදෙන ආකාරය පිළිබඳ අපගේ අවබෝධය පොහොසත් වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. මෙහෙයුමේ විද්‍යාත්මක වටිනාකමට අමතරව, ග්‍රහකයේ ප්‍රමාණය සහ එහි ලෝහ සංයුතිය සැලකිල්ලට විටඑහි සමස්ත ආර්ථික වටිනාකම ඩොලර් කොඩ්‍රිලියන 10,000 ක් හෝ ඩොලර් ට්‍රිලියන 10 ඒවා මිලියනයක් තරම් අධික වටිනාකමකින් යුක්ත ය. එය ග‍්‍රහකයක් කරා ගමන් කිරීමට ප්‍රමාණවත් දිරිගැන්වීමකි – ඇත්ත වශයෙන්මමිනිසා යම් දිනෙක එවැනි ග‍්‍රහක වලින් ලෝහ ලබා ගැනීමට අදාළ තාක්‍ෂණය දියුණු කර ගනිමින් සිටී.

ග්‍රහලෝකයක් සැබවින්ම සෑදී ඇත්තේ කුමකින් දැයි තේරුම් ගැනීම සහ ග්‍රහලෝකයක අභ්‍යන්තරය දැකීම සිත් ඇදගන්නා සුළුය,” බෙකර් පැවසීය.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top