ඉන්දියාවේ වෙරළතීරයට නුදුරු බෙංගාල බොක්කේ ලබන මස පැවැත්වෙන දැවැන්ත නාවික අභ්‍යාසයට ඉන්දියාව, ජපානය සහ අමෙරිකා එකසත් ජනපදය සමඟ එක්වීමට ඔස්ට්‍රේලියාව ද සූදානම් වෙයි. කලාපය තුළ වර්ධනය වන චීන බලපෑම් පිටුදැකීම මෙම
නාවික අභ්‍යසයේ අරමුණයි.

2007 වසරෙන් පසු මුල්වරට පැවැත්වෙන නාවික අභ්‍යාසය චීනයේ දැඩි විරෝධයට මුල්වනු ඇතැයි අල්ජසීරා නාලිකාව කියයි.
“විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් සාගර කලාපයක් පිළිබඳ අපගේ සාමූහික අධිෂ්ඨානය ප්‍රදර්ශනය කිරීමක් ලෙස” නාවික අභ්‍යාසය සිදු කෙරෙන බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය ලින්ඩා රෙනෝල්ඩ් පවසයි.
නාවික අභ්‍යාසය අරාබි මුහුද සහ බෙංගාල බොක්ක අතර, ඉන්දියාව සහ චීනය අතර මූලෝපායික තරගකාරීත්වයක් පවතින සංවේදී කලාපයක පැවැත්වීමට නියමිතය.
ඉකුත් දශක කිහිපය තුළ ශ්‍රී ලංකාව, මියැන්මාරය, පකිස්තානය සහ බංගලිදේශය යන රටවල් සමඟ චීන සබඳතා වර්ධනය වීම නවදිල්ලි පාලනයේ කණස්සල්ලට හේතුවී තිබේ.
එහෙත් කලාපිය බලවතා ලෙස ඉන්දියාව කලාපයේ සෙසු රටවල් සම්බන්ධයෙන් අනුගමණය කරන හෙජමනික ක්‍රියාකලාපය කලාපයේ රටවල් අතර ඉන්දියාව අප්‍රසාදයට ලක්වීමට හේතුවී ඇතැයි කලාපීය විශ්ලේෂකයන්ගේ අදහසවී තිබේ.
චීනය සහ ඔස්ට්‍රේලියාව අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් උද්ගතව ඇති, චීනය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර වෙළෙඳ ආරවුල් වර්ධනය වෙමින් පවතින, සහ චීනය සහ ඉන්දියාව අතර යුද උණුසුම තීව්රවෙමින් පවතින අවස්ථාවක මෙම නාවික අභ්‍යාසය පැවැත්වේ.