විකිරණශීලී ෆුකුෂිමා ජලය ටොන් මිලියනයකට අධික ප්‍රමාණයක් පැසිෆික් සාගරයට මුදාහැරීමට ජපානය සූදානම් වෙයි: ‘ව්‍යසනකාරී බලපෑමක්’ පිළිබඳව ධීවරයෝ බිය පළකරති.

5f89a9282030273f367a179c.jpg

ධීවරයින් කෝපයට පත් කරමින් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් දූෂිත විකිරණශීලී ජලය ටොන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් පැසිෆික් සාගරයට මුදා හැරීමට ජපාන රජය සැලසුම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

 

වසර ගණනාවක් තිස්සේ ශීඝ්‍රයෙන් ඉහළ යන විකිරණශීලී අපජල ගබඩාවට කළ යුත්තේ කුමක්දැයි ජපානය තුළ විවාදයක් පවතින අතර දැන් එය සාගරයට මුදා හැරීමේ තීරණය මේ මාසය අවසානයේදී තහවුරු කරනු ඇත.

 

වර්තමානයේ ජපානය ටැංකි 1,000 කට වඩා වැඩි ප්‍රමාණයක මෙම ජලය ගබඩා කරන නමුත් සෑම දිනකම අමතර ටොන් 170 ක විකිරණශීලී අතුරු නිෂ්පාදනයක් නිපයෙන අතර ගබඩා අවකාශය සීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතී.

 

2022 ග්‍රීෂ්ම කාලය වන විට සියලුම ටැංකි උපරිම ධාරිතාවයට ළඟා වනු ඇතැයි ගණන් බලා ඇති අතර ජපාන ප්‍රධාන කැබිනට් ලේකම් කට්සුනොබු කැටෝ සිකුරාදා කියා සිටියේ මෙම තීරණය “තවදුරටත් කල් දැමිය නොහැකි” බව යැයි කියෝඩෝ ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

 

ෆුකුෂිමා ඩායිචි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක යේ හරය සිසිල් කිරීම සඳහා ජලය භාවිතා කරනු ලබන අතර එය 2011 මහා ව්‍යසනයෙන් හා බලාගාරයට බලපෑ සුනාමියෙන් පසුව දියවී ගියේය.

 

රජය මීට පෙර සලකා බැලුවේ අතිරේක ජලය ගබඩා කිරීම සඳහා වැඩිපුර ටැංකි තැනීම හෝ ජලය වායුගෝලයට වාෂ්ප කිරීමට උත්සාහ කිරීම ය. එහෙත් ඒ පිළිබඳ උපදේශක මණ්ඩලයක් ඊට වඩාත් කාර්යක්ෂම විසඳුම ලෙස එම ජලය සාගරයට මුදා හැරීමට නිර්දේශ කළේය. කෙසේ වෙතත්මුදා හැරීමේ ක්‍රියාවලිය 2022 වන තෙක් ආරම්භ කිරීමට අපේක්ෂා නොකරන අතර එය සම්පූර්ණ කිරීමට වසර 30 ක් ගතවනු ඇත.

 

විකිරණශීලීත්වයෙන් දූෂණයට  පත් ජලය සාගරයට මුදා හැරීමේ රජයේ අරමුණ කෙරෙහි දේශීය ධීවරයින්ගේ අවධානය යොමුව ඇති අතර එමඟින් තම කර්මාන්තය විනාශ විය හැකි බවට ඔවුහු බිය පළ කරති.

 

ජලය මුදා හැරීමෙන් පසු එක් මත්ස්‍යයෙකු පවා විකිරණ ආරක්ෂණ ප්‍රමිතීන් ඉක්මවා ගොස් ඇති බවට හඳුනා ගැනුණහොත් අප පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි අපට බියක් දැනේ” යැයි ධීවරයෙකු උපුටා දක්වමින් කියෝඩෝ ප්‍රවෘත්ති සේවය පවසයි.

 

ජපාන ධීවර සමුපකාර සම්මේලනයේ ප්‍රධානී හිරෝෂි කිෂි පසුගිය සතියේ නිලධාරීන්ට පවසා සිටියේ මෙම නිකුතුව කර්මාන්තයට “විනාශකාරී බලපෑමක්” ඇති කළ හැකි බවයි.

 

2011 ව්‍යසනයෙන් පසුව මසුන් ඇල්ලීම මුළුමනින්ම නවතා දැමුණු අතර මෑතදී එය යථා තත්ත්වයට පත්ව තිබියදීත් කලාපයේ ධීවරයෝ ජාත්‍යන්තර වෙළඳ සීමාවන්ට මුහුණ දී සිටිති. කලාපයෙන් සියලුම මත්ස්‍ය ආනයනයන් තවමත් තහනම් කොට ඇති දකුණු කොරියාව මෙම යෝජනාව විස්තර කර ඇත්තේ “බරපතල තර්ජනයක්” ලෙස ය.

 

2011 වර්ෂයේ ආරම්භක දියවීම නිසා බලාගාරයේ සිට කිලෝමීටර 20 ක් ඇතුළත මෙන්ම විකීරණශීලීත්වය ඉහළ මට්ටමක් පෙන්නුම් කළ ප්‍රදේශවල සිටි පුද්ගලයන් 150,000 ක් ඉවත් කර ගනු ලැබූහ. පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට තවත් වසර ගණනාවක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top