ලොව පුරා සියළු ජාතීන් අර්බුදකාරී 2020 වසරට සමුදෙන අතරතුර, මීටර 220 ක් පළලින් යුත් යෝධ ග්රහකයක් නව වසර මුලදී ම පෘථිවිය ආසන්නයට පැමිණෙන බවට නාසා ආයතනය අනතුරු අඟවයි.

ඊට පෙර, මෙම වසරේ අවසන් ග්රහකය ලෙස, මීටර 36 ක විෂ්කම්භයකින් යුත්, නැතහොත් 747 ගුවන් යානයක තටුවල දිගට සමානත්වයෙන් යුත් 2020 YB4 ග්රහකය යූටීසී වේලාවෙන් පෙරවරු 6 ට පෘතුවියට කිලෝ මීටර මිලියන 6.1 ක දුරකින් ඉවතට ගමන් කළේය. ඒ අනුව, අවම තරමින් අභ්‍යාවකාශ පාෂාණවලින් එල්ල වන තර්ජනය හෝ යම්තාක් දුරට ගැලවී සිටීමට 2020 වසරේ දී ලෝක වාසීහු සමත් වූහ.
නමුත්, ජනවාරි මාසයේ මුල් දින කිහිපය තුළ, පෘතුවියට සමීප ආකාශ වස්තූන් හෙවත් Near Earth Objects (NEOs) යනුවෙන් හඳුන්වනු ලබන තවත් ග්රහක තුනක් කෙටි කාලසීමාවකට පෘතුවියට ආසන්නයෙන් ගමන් කරන බව නාසා විද්යාඥයෝා පවසති.
2021 වසර එළැඹී දින දෙකක් ගත වන විට, මීටර 15 ක විශාලත්වයෙන් යුත් 2019 YB4 ග්රහකය පෘතුවියට කිලෝ මීටර මිලියන 6.4 ක ආරක්ෂිත දුරකින් පියාසර කරයි. ඊට පසු දින, තවත් ආකාශ වස්තු සුන්බුන් කැබලි දෙකක්, එනම් මීටර 15 කින් යුත් 2020 YA1 සහ මීටර 21 කින් යුත් 2020 YP4 පිළිවෙලින් කිලෝ මීටර මිලියන 1.5 ක සහ 2.1 දුරකින් පෘතුවිය පසුකොට යනු ඇත.
නමුත් විශාලතම ග්රහකය වන කඳුගැට සහිත මීටර 220 ක විෂ්කම්භයකින් යුත් 2003 AF23 පෘතුවියට කිලෝ මීටර 6.9 ක දුරකින් ගමන් කරනු ඇතැයි නාසා ආයතනය පවසයි. මෙම ග්රහකය ප්‍රමාණය අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ගෝල්ඩන් ගේට් පාලමට සමාන බව නාසා විද්‍යාඥයෝ පවසති.