කොවිඩ් වසංගතය පිළිබඳ සත්‍ය තොරතුරු ජනතාවගෙන් වසන් නොකරන්නැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රජයේ නිලධාරීන්ට දැනුම් දෙයි

201116121939-01-russia-coronavirus-deaths-file-exlarge-169.jpg

රුසියාව තුළ කොරෝනා වෛරස් ආසාදන තත්වය “අභියෝගාත්මක නමුත් පාලනය කළ හැකි” බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. නව ආසාදන වර්ධනය වෙමින් පවතින තත්වයක් තුළ වසංගතයේ සැබෑ බරපතලකම ජනතාවගෙන් “වසන් කිරීමෙන්” වළකින්නැයි පූටින් ඊයේ එරට ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන්නේ ය.

“ඇතැම් ප්‍රදේශවල තත්වය බෙහෙවින් දුෂ්කරයි, අපි ඒ යථාර්තය පිළිගැනීමට සූදානම් වෙමු”, රූපවාහිනිය ඔස්සේ විකාශය කෙ‍රුණු රජයේ හමුවකදී ජනාධිපතිවරයා කියා සිටියේ ය. “අනෙකුත් ප්‍රදේශවල අඩු ආසාදන සංඛ්‍යාවක් වාර්තාවීම පිළිබඳව අප සෑහීමකට පත් නොවිය යුතුයි. මක්නිසාද යත් රෝගීන් හඳුනා ගැනීමේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු එමගින් ඇතිවන බැවින්” යැයි ඔහු පෙන්වා දුන්නේ ය.

“අපි මේ තත්වයට සීනි තැවරීමට උත්සාහ නොකළ යුතුයි. සෑම දෙයක්ම හොඳින් සිදුවෙමින් තිබේ යැයි හුදෙක් ප්‍රදර්ශනය කිරීම කිසිසෙත් අනුමත කළ නොහැකිය”, ජූටින් පවසයි.

බදාදා දිනය වන විට රුසි‍යාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2 දක්ව ඉහළ ගොස් තිබූ අතර මරණ 34,397 ක් වාර්තා විය. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top