සාර්ස්-කොව්-2 වෛරසයට මිනිස් සම මතුපිට පැය 9 ක් රැඳී සිටිය හැකියි, ඉන්ෆ්ලුවෙන්සා වෛරසය රඳා පවතින්නේ පැය 2 ක් පමනයි. නිතර අත් සේදීම පුරුද්දක් කරගන්න!

Hub_HandWashing_Article.jpg

“සාර්ස්-කොව්-2 වෛසරසයට පැය 9 ක් මිනිස් සම මත රැඳී සිටිය හැකි බැවින් ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසයට සංසන්දනය කිරීමේදී එය බෝවීමේ අවදානම වැඩිවන අතර, එම රෝගය ආසාදනයවීම වළක්වාගැනීමට නම් මනා සෞඛ්‍ය පුරුදු පිළිපැදීම අත්‍යාවශ්‍යයි”, නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි.

නව කොරෝනා වෛරසය බොහෝවිට දියර බිඳිති හෝ ඉතා කුඩා වායු අංශු බෝවන නමුත් වෛරසය පැතිරයාම සඳහා දූෂණයට ලක්වූ පෘෂ්ඨයන් මගින් ඉටුවන කාර්යභාරය කුමක්ද යන්න තවමත් නිශ්චිතව තහවුරුවී නොමැත. නවතම අධ්‍යයනයකට අනුව අපගේ අවධානය යොමුවිය යුතු එවැනි වැදගත් පෘෂ්ඨයක් තිබේ: මිනිස් සමයි.

ජපානයේ කියෝතෝ ප්‍රිෆෙක්චරල් සරසවියේ වෛද්‍ය විද්‍යා අංශයේ පර්යේෂකයන් පිරිසක් සිදු කළ මෙම අධ්‍යයනයට අනුව ඉන්ෆ්ලුවෙන්සා රෝගයට සම මත පැවතිය හැක්කේ පැය 2 ක් වුවද, සාර්ස්-කොව්-2 වෛරසයට පැය නවයක් මිනිස් සම මත රැඳී සිටිය හැකි බැව් හෙළිවී තිබේ.

නමුත් සුබදායි ප්‍රවෘත්තිය නම් 80% ක් ඇල්කොහොල් අඩංගු විෂබීජහරණ යොදාගත් විට මෙම වෛරසය තත්පර 15 ක් තුළ අකර්මණ්‍යය කළ හැකිවීමයි. සබන් යොදා අත්සේදීම රෝගය පැතිර යාම වැළැක්වීමට බෙහෙවින් වැදගත් බව පූර්ව අධ්‍යයනයන් මගින් තහවුරුවී ඇත. ජපාන පර්යේෂකයන්ට අනුව අත් සේදීම කෙතරම් වැදගත් ද යන්න මෙමගින් තහවුරුවේ.

“කොවිඩ් වසංගතයේ දෙවැනි තෙවැනි රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට අදාළ වඩා හොඳ උපායමාර්ගයක් සකසා ගැනීමට මෙම අධ්‍යයනය බෙහෙවින් වැදගත් වනු නිසැකයි”, පර්යේෂකයෝ පෙන්වා දෙති.

මෙම අධ්‍යයනය Clinical Infectious Diseases. සඟරාවේ පළවිය.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top