සිංගප්පූරු ගුවන් සමාගම නවතා දැමූ ඒ380 ගුවන් යානාවල කෑම විකුණයි

800px-Singapore_Airlines_Airbus_A380-800_9V-SKQ_at_Frankfurt_Airport.jpg

සිංගප්පූරුවේ ප්‍රධාන ගුවන් තොටුපොලේ නවතා ඇති ඒ380 ගුවන් යානයක ආහාර වේලක් ලබා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් එරට පාරිභෝගිකයන්ට උදාවී තිබේ.

 

කෑම වේලක මිල ඩොලර් 496 ක් වුවද (ශ්‍රී ලංකා රුපියල් 91,364.39) ආරම්භක දින දෙක සඳහා ඇණවුම් සියල්ල පැය බාගයක් ගතවීමට පෙර අලෙවිඅවසන් බව ගුවන් සේවා බලධාරීහු පවසති.

 

ඒ අනුව තවත් දින දෙකකට සේවාව දිගු කිරීමට සිංගප්පූරු ගුවන් සමාගම තීරණය කර ඇත.

 

කොවිඩ් – 19 වසංගතයෙන් අහිමිවූ ආදායම පියවා ගැනීමට නව ව්‍යාපාර මාදිලි සෙවීමට එම ගුවන් සමාගම කටයුතු කරමින් සිටී.

 

ඒ අනුව ඒ380 ගුවනා යානා දෙකක් පැය තුනක කාලයක් ආහාර සැපයීම සඳහා යොදා ගැනීමට නියමිතය. එහෙත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා
කරගැනීමට
ආසන සංඛ්‍යාවෙන් අඩක් පමනක් වෙනු කෙරෙනු ඇත.

කොවිඩ් – 19 වසංගතයෙන් සිංගප්පූරු ගුවන් සමාගමට දැඩි බලපෑමක් එල්ලවී ඇත. තම මුළු සේවක සංඛ්‍යාවෙන් 20% ක්, එනම් 4,300 ක
පිරිසක් රැකියාවෙන් නෙරපා හැරීමට එම ගුවන් සමාගය පසුගිය මාසයේ තීරණය කළේය.

 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top