මාස ගණනාවකට පසු දකුණු ඔස්ට්‍රේලියාවේ කොවිඩ් – 19 යළි හිස ඔසවයි. කොරෝනා රැල්ල මැඩ පැවැත්වීමට එරට හමුදා යොදවයි

r0_0_950_534_w1200_h678_fmax.jpg

පසුගිය අප්‍රේල් මාසයෙන් පසු මුල්වරට කොවිඩ් – 19 රෝගීන් 17 දෙනෙකු වාර්තාවීමත් සමඟ තමන් “භයානක තත්වයකට” මුහුණ පා ඇතැයි දකුණු ඔස්ට්‍රේලියානු බලධාරීහු පවසති.

 

ඇඩිලේඩ් නගරයේ හෝටලයක නිරෝධායන මධ්‍යස්ථානයක සේව‍කයෙකුගෙන් තම පවුලේ අයට රෝගය පැතිරයාමත් සමඟ නව කොරෝනා පොකුරක් ප්‍රාන්තය තුළ නිර්මාණය වී තිබේ.

 

පාසැල් සහ කඩසාප්පු වසා දමා ඇති අතර ආසාදිත පුද්ගලයන් සොයා යෑමේ මෙහෙයුම් යළි දියත් කොට ඇතැයි වාර්තාවේ. මේ අතර දකුණු ඔස්ට්‍රේලියාවේ සහායට ඔස්ට්‍රේලියානු ආරක්ෂක  හමුදාවන්ගේ සහාය ලබා දීමට එරට රජය තීරණය කර තිබේ.

 

වි‍ක්ටෝරියා ප්‍රාන්තයේ දෙවැනි කොවිඩ් රැල්ල සාර්ථකව පාලනය කිරීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවට නව කොවිඩ් ආසාදන සංඛ්‍යාව බිංදුව දක්වා අඩුකිරීමට සමත්ව සිටියේ ය. එම ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නගරය තුළ ආසාදනයේ කේන්ද්‍රය බවට පත්වෙමින් 20,300 ක රෝගීන් පිරිසක් සහ මරණ 800 ක් වාර්තාවිය.

 

පසුගිය මාසයේ දී, මෙල්බර්න් නගරය යළි විවෘත කරනු ලැබූයේ මාස හතරක කාලයක් දැඩි අගුළුලෑමකට යටත් කිරීමෙන් අනතුරුව ය.

 

රෝගය යළි හිස එසවීමත් සමඟ බටහිර ඔස්ට්‍රේලියාව, ටැස්මේනියාව සහ නොදර්න් ටෙරිටරි ප්‍රදේශවලට  දකුණු ඔස්ට්‍රේලියාවේ සිට පැමිණෙන සංචාරකයන් යළි නිරෝධායන ක්‍රියාවලියකට යටත් කිරීමට පියවර ගෙන තිබේ.

 

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරඟයක් සහ බිග් බෑෂ් ලීග තරගාවලියේ තරග කිහිපයක් ද ඉදිරි සති කිහිපය තුළ ඇඩිලේඩ්හිදී පැවැත්වීමට නියමිත ය.

 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top