ශ්‍රී ලංකාව කොවිඩ් -19 ට එරෙහි සටනේ දකුණු ආසියාවේ සාර්ථකම රට බව විදෙස් මාධ්‍ය කියයි

pavithra-covid.png

කල්තියා රට අගුළුලෑම, ඉහළ පරීක්ෂාවට ලක්කිරීමේ අනුපාතය සහ කාර්යක්ෂම සමාජ දුරස්ථභාවය කොවිඩ් වසංගතයට එරෙහි සටනෙහිලා ශ්‍රී ලංකාව ලබාගත් සාර්ථකත්වයට හේතුවූ බව තුර්කියේ සුප්‍රකට වෙබ් අඩවියක් වන ටීආර්ටී වර්ල්ඩ් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රජය මෙම මාරාන්තික වෛරසය පාලනය කිරීමට සමත්වූ හේතු කවරේදැයි එම වෙබ් අඩවිය මෙලෙස විස්තර කරයි:

මාර්තු මාසයේ සිට අප්‍රේල් මාසය අවසානය තෙක් ශ්‍රී ලංකාව පුද්ගලයන් මිලියනයකට පරීක්ෂාවන් 930 ක් සිදු කිරීමට සමත්වූ අතර දකුණු ආසියාවේ ශ්‍රී ලංකා‌වේ අසල්වැසි රටවල් සිදු කොට ඇත්තේ බෙහෙවින් අඩු පරීක්ෂාවන් ප්‍රමාණයකි: බංගලිදේශය (393) ඉන්දියාව (602) සහ පකිස්තානය (703)

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 50 කට වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු 20-60 අතර පුද්ගලයන්. මෙම පිරිස සාපේක්ෂ වශයෙන් තරුණ කොටස් වන අතර, ඔවුන් රෝගයේ බටපතර අවදානමකට ලක්වීමට ඇති හැකියාව අඩුයි. වාර්තාවූ බොහෝ සිදුවීම් බරපතල නොවීමට හේතුව ශ්‍රී ලංකාව කල් තියා රට අගුළුලෑමට
කටයුතු කිරීමයි”
, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරයෙකු වන රාසියා පෙන්ඩ්සේ පවසයි.

තවත් ප්‍රධාන ආධාර මූලාශ්‍රයක් ලෙස ශ්‍රි ලංකා මහ බැංකුව සිදු කළ මූල්‍ය මැදිහත්වීම දැක්විය හැකි බව එම වෙබ් අඩවිය පෙන්වා දෙයි. 2020 වසර ආරම්භයේ සිට මහ බැංකුව මූල්‍ය ලිහිල්කරණ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර වසංගතයේ බලපෑමට ලක්වූවූන්ට ණය ගෙවීම් අත්හිටුවීමටත්රුපියල් බිලියන 50 ක සහණශීලී ප්‍රතිමූල්‍ය
වැඩසටහනක් ද ක්‍රියාත්මක කළේය.

ශ්‍රී ලංකා රජය තම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.1 ක මුදලක් නිරෝධායනය සහ රෝග ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා ද යෙදවූ අතර සාර්ක් කොවිඩ් – 19ස ආපදා අරමුදලට ඩොලර් මිලියන 5 ක අතිරේක මුදලක්ද ලබාදුන්නේ ය. තෙල් මිල ස්ථාවරකරණය කිරීමේ අරමුදලක් ද පිහිටුවමින් අන්තර්ජාතික වශයෙන් අඩු මිලට තෙල් භාවිතා කිරීමට ද පියවර ගත්තේ ය.

මේ සියළු ක්‍රියාමාර්ගවලට අමතරව, රජය කොවිඩ් – 19 මරණ අනුපාතය ඈත් කර තැබීම සඳහා විශේෂ බුද්ධි අංශ විමර්ශන වැඩපිළිවෙළක් ද දියත් කළේය.

මෙම වසංගත තත්වයට ශ්‍රී ලංකාව දුන් විශිෂ්ඨ ප්‍රතිචාරය හමුවේලොව පුරා සෞඛ්‍ය විශේෂඥයන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ප්‍රසංශාවට ලක්කොට ඇතැයි ටීආර්ටී වර්ල්ඩ් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

පළමු රෝගියා වාර්තාවූ තැන් පටන් රජය මෙම රෝගයේ ව්‍යාප්තිය වඩාත් සුපරික්ෂාකාරීව නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය සේවකයන් යෙදවූ අතර රෝගයේ අවදානමට ලක්ව ඇති ප්‍රදේශවල කොවිඩ් – 19 සැකකරුවන් කඩිනමින් හඳුනා ගැනීමට ද කටයුතු කළේය.

ශ්‍රී ලංකාව තුළ පළමු රෝගියා වාර්තා වූයේ ජනවාරි මස අවසන් සතියේදී වන අතර ඉන් පසු මාර්තු මැද වන තෙක් කිසිදු රෝගියෙකු වාර්තා වූයේ නැහැ. මෙම අන්තර් කාලය තුළරජය ස්වසන ආබාධ ඇති වන ඔිනෑම රෝගයකු හදුනා ගත හැකි ආකාරයේ මහජන සෞඛ්‍ය සොයා බැලීම් වැඩපිළිවෙලක් ක්‍රියාවේ යෙදවීමට වග බලා ගත්තා. රෝගියෙකු හඳුනාගත් සැනින්අවශ්‍ය රෝග විනිශ්චයන් සිදු කළ අතර එමගින් එම පුද්ගලයන් සැකකටයුතු කොවිඩ් – 19 රෝගීන් නොවන බවට සහතික කෙරුණා” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෙන්ඩ්සේ ජර්මනියේ ඩොයිෂ්වෙල්ලේ ප්‍රවෘත්ති ආයතනයට ප්‍රකාශ කොට තිබේ.

Share this post

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top