සුෂාන්ත් සිං රාජ්පුත්: බොලිවුඩ් නිෂ්පාදකයෝ මාධ්‍ය ආවරණය සම්බන්ධයෙන් නඩු පවරති

Screenshot-2020-10-13-074439.png

බොලිවුඩයේ විශාලතම නිෂ්පාදන සමාගම් කිහිපයක් ඉන්දී මාධ්‍ය ආයතන විසින් සිදුකළ “වගකීම් විරහිත වාර්තාකරණයට” එරෙහිව නඩු පවරයි.

ජුනි මාසයේදී බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අභාවයත් සමඟ සිදුකෙරුණු මාධ්‍ය වාර්තාකරණය මෙම නඩුවට විෂයවී තිබේ .

 

රාජ්පුත් සියදිවි නසාගත් බවට විශ්වාස කෙරෙන නමුත් මෙම සිද්ධියට අදාළව ප්‍රවෘත්ති නාලිකා මගින් මාස ගණනක් පුරාවට විවිධ කටකථා ප්‍රසිද්ධියට පත් කළේය.

 

ඉන්දීය සිනමාවේ සුපිරි සිනමා තාරාකාවන් වන  ෂාරුක් ඛාන්අමීර් ඛාන් සහ සල්මාන් ඛාන්ට අයත් සිනමා සමාගම් ඇතුළු සමාගම් දුසිම් ගණනක් මීට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.

 

බොලිවුඩයට සම්බන්ධ පුද්ගලයින්ගේ ජීවනෝපායට විත්තිකරුවන් විසින් මෙහෙයවනු ලබන මඩ ගැසීමේ ව්‍යාපාරය දැඩි ලෙස බලපා තිබේ" යනුවෙන් නඩුවෙහි සඳහන්වේ.

 

ඉකුත් මාස කිහිපය තුළ මෙම නළුවාගේ මරණය ඉන්දියානු මාධ්‍යයන්හි වාර්තාකරණයේ ප්‍රමුඛස්ථානයක් ගෙන තිබේ.

 

චෝදනාවලට තවමත් ප්‍රතිචාර නොදක්වා ඇති ඉන්දියානු මාධ්‍ය නාලිකා දෙකකට සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නන් සිව් දෙනෙකුට එරෙහි නඩුව සඳහා නිෂ්පාදකයින් 34 දෙනෙකු සහ චිත්‍රපට කර්මාන්ත සංගම් හතරක් සම්බන්ධ වී තිබේ.

 

බොලිවුඩයේ සාමාජිකයින්ගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කෙරෙමින් පවතින අතරසමස්ත බොලිවුඩයම මත්ද්‍රව්‍ය සංස්කෘතියේ ගිලී සිටීන අපරාධකරුවන් ලෙස පින්තාරු කිරීමසහ බොලිවුඩයට සම්බන්ධව සිටීම මහජන පරිකල්පනය තුළ සාපරාධී ක්‍රියාවන්ට සමාන අර්ථයක් බවට පත් කිරීම මගින් ඔවුන්ගේ කීර්තිනාමයට හානි කළ නොහැකිය." නඩුවේ දැක්වේ.

 

34 හැවිරිදි රාජ්පුත් ජුනි 14 වන දින මුම්බායි හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. ඔහු සියදිවි නසාගෙන ඇති බව එම අවස්ථාවේ පොලිසිය පැවසීය.

 

නමුත් ඔහුගේ පවුලේ අය පසුව රාජ්පුත්ගේ පෙම්වතිය වන රියා චක්‍රවර්තිට එරෙහිව සියදිවි නසාගැනීමට සහ වෙනත් අපරාධවලට ඔහුට අනුබල දුන් බවට චෝදනා කරමින් පොලිස් පැමිණිල්ලක් ගොනු කළ අතර ඒ සියල්ල ඇය ප්‍රතික්ෂේප කර තිබේ.

 

එතැන් පටන් නිළි දීපිකා පදුකෝන් ඇතුළු බොලිවුඩ් තරු රැසක්රාජ්පුත්ගේ මරණය පිළිබඳ විමර්ශනයේ කොටසක් ලෙස ප්‍රශ්න කිරීම්වලට  මුහුණ දුන්හ.

 

මෙම නඩුව දැන් මධ්‍යම රජයේ ආයතන තුනක් විසින් විමර්ශනය කරනු ලැබේ.

 

විමර්ශකයින් විසින් මාධ්‍යයට තොරතුරු ලබා දීමත් සමඟසිදු වූ දේ සහ ඊට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ කටකතා සහ අනුමාන කිරීම් බහුලව දක්නට ලැබේ.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top