GETTY IMAGES
ඕස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්ත බලධාරීහු , ග්‍රේටර් සිඩ්නි ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින කොවිඩ් -19 රෝගී තත්වය පාලනය කිරීම සඳහා නව සීමාවන් ප්‍රකාශයට පත් කරති.

GETTY IMAGES
කුටුම්භ රැස්වීම්වලට එක්විය හැකි පුද්ගලයන්ගේ සංඛ්‍යාව 10 කටත්, ආගන්තුක සත්කාරක ස්ථානවලට රැස්වෙන පිරිස 300 ක් දක්වාත් බදාදා වන තෙක් සීමා කෙරේ. නිවැසියන්ට ද නිවස් තුළම රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ.
සෙනසුරාදා දිනය වන විට දින පහක කාලයක් අගුලු දමා තිබූ නගරයේ උතුරු වෙරළ තීරයෙන් නවතම සිද්ධීන් රැසක් වාර්තාවී තිබේ.
ඒ සමඟ සිඩ්නි වැසියන් නත්තලට පෙර නගරයෙන් පිටවීමට ඉක්මන් වී ඇතැයි වාර්තාවේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි නගරයේ සිට අසල්වැසි වික්ටෝරියා ප්‍රාන්තයට දහස් ගණනක පිරිසක් ගමන් කර තිබේ. ඊට ප්‍රතිචාර වශයෙන් වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීහු අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රේටර් සිඩ්නි සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මධ්‍යම වෙරළ තීරයේ පදිංචිකරුවන්ට සිය දේශසීමා වසා දමනු ඇත. ප්‍රාන්තයට පැමිණෙන ජනතාව දින 14 ක නිරෝධායනයකට මුහුණ දීමට සිදුවනු ඇත.
ග්‍රේටර් සිඩ්නි ප්‍රදේශයෙන් පැමිණෙන සියලුම දෙනා මධ්‍යම රාත්‍රියේ සිට දින 14 ක් නිරෝධායනය විය යුතු බව දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය පවසයි. උතුරු වෙරළ තීරයේ වෙසෙන ජනතාවට සම්පූර්ණයෙන්ම ප්‍රාන්තය තහනම් කරනු ලැබේ.
රෝගය පැතිරයාමත් සමඟ සිඩ්නි හි හොබාර්ට් යොච් යාත්‍රා ධාවන තරඟය ද ඉතිහාසයේ පළමු වතාවට අවලංගු කොට තිබේ.
බදාදා වන තෙක් පසුගිය දෙසතිය තුළ ඕස්ට්‍රේලියාව තුළ දේශීයව සම්ප්‍රේෂණය වූ එක් ආසාදනයක් පමණක් වාර්තා විය. වසංගතයට මුහුණදීමෙහිලා සාර්ථකත්වයේ කතාවක් ලෙස සැලකෙන රට තුළ ආසාදන 28,000 ක් සහ සමස්ත මරණ 908 ක් පමණ වාර්තා වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල වාර්තාවක දැක්වේ.