පුහුණු අභ්‍යාසයක් අතරතුරදී යානයක් අතුරුදහන් වීමෙන් පසු තායිවානය සිය එෆ් -16 ප්‍රහාරක ජෙට් යානා සියල්ල ගොඩ බස්සවයි

5fb4d53e85f54066cd34bf63.jpg

පුහුණු පියාසැරිය අතරතුරදී යානයක් අතුරුදහන් වීමෙන් පසුව තායිවානය සිය එෆ් –16 ප්‍රහාරක ජෙට් යානා සියල්ල ගොඩ බස්සවයි.

තායිවාන හමුදාව සිය එෆ් –16 යානා සියල්ලම ගොඩ බැස්සවූයේ එක් ගුවන් යානයක් රේඩාර් වලින් අතුරුදහන් වීමෙන් පසුවය. මෙම සිදුවීම මේ වසරේ දිවයිනේ ගුවන් යානා කඩාවැටීම් ගණනාවක් අතරට එක්වූ නවතම සිදුවීමයි.

තායිවානයේ එෆ් –16 ප්‍රහාරක යානා 142 ම උපකරණ පරීක්ෂා කිරීම සඳහා ඒවායේ කඳවුරුවල රඳවා තබා ඇතැයි එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂක හා සටන් සූදානම පිළිබඳ මදකට හෝ ලිහිල් නොකරන ලෙස මම ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමි,” ජනාධිපති සායි ඉන්ග්-වෙන් වාර්තාකරුවන් හමුවේ කියා සිටියා ය.

එක්සත් ජනපදය විසින් නිපදවන ලද එෆ් –16 යානය අඟහරුවාදා සවස දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ හුවාලියන් ගුවන් කඳවුරෙන් ගුවන් ගත වී මිනිත්තු කිහිපයක් ඇතුළත රේඩාර් තිරවලින් අතුරුදහන් විය. යානය තවත් සටන් ජෙට් යානා දෙකක් සමඟ පුහුණු මෙහෙයුමක පියාසර කරමින් සිටයදී මෙලෙස අතුරුදහන් වී තිබේ.

යානය සහ එහි නියමුවාගේ ඉරණම සොයා බැලීම සඳහා හමුදාව සෝදිසි හා මුදා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇත.

දේශීය මාධ්‍යවලට අනුවඑය තායිවානයේ එෆ් –16 සම්බන්ධ හත්වන අනතුර මෙය වන අතරමෙම වසරේදී අහිමි එරටට අහිමිවූ සිව්වන යද ගුවන් යානය යි.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top