ටික්ටොක් සමාජ මාධ්‍ය මෙවළමට තවදුරටත් අමෙරිකාව තුළ රැඳී සිටීමට අවසර

5f2469644e52b729a902ba54.jpg

බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ටික්ටොක් තහනම තාවකාළිකව අත්හිටුවීමට අමෙරිකා එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව තීරණය කරයි.

 

අමෙරිකා එක්සත් ජනපදය තුළ එම මෙවළම බාගත කිරීම වළක්වාලීමට දී තිබූ නියෝගය ඉවත් කෙරෙනු ඇත.

 

ටික්ටොක් සමාජ මෙවළම තහනම් කිරීමට ට්‍රම්ප් පාලනය ලබාදුන් නියෝගයට එරෙහිව ඉදිරිපත්ව ඇති නීතිමය අභියෝග සැළකිල්ලට ගනිමින් මේ තීරණය ගත් බව අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව පවසයි.

 

මෙම තීරණය අමෙරිකා එක්සත් ජනපදය තුළ මිලියන 100 ක පමන ටික්ටොක් භාවිත කරන්නන්ට ඉමහත් අස්වැල්ලට කාරණයක් බව බීබීසී ප්‍රවෘත්ති සේවය පවසයි.

 

ටික්ටොක් සමාගමේ චීන හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගම අමෙරිකා එක්සත් ජනපදයේ වෝල්මාර්ට් සහ ඔරකල් සමාගම සමග ඇතිකරගත් ගිවිසුමකට අනුව ටික්ටොක් සමාගම සතු වත්කම් ටික්ටොක් ග්ලෝබල් නම්වූ නව ආයතනයකට පවරාදීමට ඉකුත් සැප්තැම්බර් මාසයේ දී තීරණය කෙරිණ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ගිවිසුමට තාවකාළිකව සහාය ලබාදී තිබිණ. කෙසේ වෙතත්, මාස දෙකක කාලයක් තිස්සේ අමෙරිකානු රජයෙන් ඒ පිළිබදව තමන්ට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව ටික්ටොක් සමාගම අගහරුවාදා දිනයේ නිවේදනය කළේය.

 

ටික්ටොක් මෙවළම අමෙරිකානු සමාගමකට අලෙවි කළ යුතු බව ජනාධිපති ට්‍රම්ප් කියා සිටී. ඔහු මෙන්ම, අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ දෙදෙනාම දිගින් දිගටම කියා සිටින්නේ අමෙරිකානු ප්‍රයෝජකයන්ගේ දත්ත ටික්ටොක් සමාගම චීන රජයට ලබාදෙන බවයි. එහෙත් ඊට අදාළ පිළිගත හැකි සාක්ෂ්‍ය කිසිවක් ඉදිරිපත් කිරීමට ඔවුන් සමත්වී නොමැත. එම චෝදනා ටික්ටොක් සමාගම තරයේ ප්‍රතික්ෂේප කරයි.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top