ජපාන අගමැති යොෂිහිඩේ සුගා 2021 වසර ආරම්භ කළේ ප්‍රමාදයට ලක් කෙරුණු ටෝකියෝ ඔලිම්පික් උළෙල එළැඹෙන ජූලි මාසයේ දී නියමිත පරිදි පවත්වන බවට ප්‍රතිඥාවක් ලබා දෙමින් ය. කොරෝනා වෛරසය රට තුළ සීඝ්රයෙන් පැතිර යන තත්වයක් තුළ, අධික වියදමක් දරමින් ඔලිම්පික් උළෙල පැවැත්වීමට ගත් තීරණය ජනතාව අතර බෙහෙවින් අප්‍රසාදයට ලක්වෙමින් පවතින බැව් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

“ටෝකියෝ ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලිය මේ සීත සෘතුවේ දී පැවැත්වෙනු ඇත”, නව වසර වෙනුවෙන් නිකුත් කළ ලිඛිත නිවේදනයක් මගින් සුගා පවසයි. මෙම උළෙල ගෝලීය එකමුතුකම පිළිබඳ සංකේතයක් වනු ඇතැයි ඔහු පවසයි. “ආරක්ෂිත සහ සුරක්ෂිත තරගාවලියක් පිළිබඳ අපේක්ෂාව යථාර්තයක් බවට පත් කිරීමට අප ස්ථායි සූදානමක නිරත වෙමු”.
කොරෝනා වසංගතය හේතුවෙන් ලොව බොහෝ ප්‍රදේශ අගුළුලෑමේ තත්වයක් තුළ, ජපානය සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඔලිම්පික් උළෙල වසරකින් කල් තැබීමට ඉකුත් මාර්තු මාසයේ දීි තීරණය කළේය.
ලොව පුරා තරගකරුවන් 11,000 කගේ පමන සහභාගීත්වයෙන් යුත් ඔලිම්පික් උළෙල එළඹෙන ජූලි මස 23 වන දින සිට සති දෙකක් කාලයක් පැවැත්වෙන අතර, අනතුරුව පැරාලිම්පික් උළෙල පැවැත්වෙනු ඇත. ප්‍රමාදයේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රීඩා උළෙල සඳහා වන වියදම අමෙරිකානු ඩොලර් බිලියන 2.4 කින් ඉහළ යනු ඇති අතර, ඒ අනුව සමස්ථ වියදම ඩොලර් බිලියන 15 ක් පමන වනු ඇතැයි වාර්තාවේ.
