“නාස්තිකාර” කොවිඩ් ආධාර පනත සංශෝධනය කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු කොංග්‍රසයෙන් ඉල්ලා සිටී.

Capture-5.png

ඇමරිකානුවෙකුට උත්තේජක ගෙවීම් ඩොලර් 2,000 දක්වා වැඩි කළ හැකි  පරිදි කොරෝනා වෛරස් උත්තේජක පනත සංශෝධනය කළ යුතු බවට ඔහු යෝජනා කරයි.

ට්විටර් වීඩියෝ පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ට්‍රම්ප් එම පනතේ “නාස්තිකාර හා අනවශ්‍ය දෑ ඉවත් කරන්න" යනුවෙන් නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටි අතර එම පැකේජය “සැබවින්ම අවමානයක්" බව පැවසීය.

එය කෝවිඩ් සහන පනත ලෙස හඳුන්වා ඇති නමුත් එය කොවිඩ් සමඟ කිසිදු සම්බන්ධයක් නැත," යනුවෙන් ඔහු පැවසීය.

ඩොලර් බිලියන 900 ක වියදමින් යුත් පනතට ඇමරිකානුවන් බහුතරයකට එකවර ගෙවන ඩොලර් 600 ක් ඇතුළත් වේ.

ජනවාරි 20 වන දින ධුරයෙන් ඉවත්වන ට්‍රම්ප් සඳුදා රාත්‍රියේ කොංග්‍රසය තුළ අදාළ පනත සම්මත වීමෙන් පසුව ඊට අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කරන ලදී.

නමුත් අඟහරුවාදා රාත්‍රියේ ධවල මන්දිරයෙන් ලැබුණු පණිවුඩයේ රිපබ්ලිකන් ජනාධිපතිවරයා පනත මගින් වෙනත් රටවලට ආධාර කිරීම සඳහා වියදම් කරනු වෙනුවටඑම මුදල් අරගල කරන ඇමරිකානුවන් වෙත යා යුතු යැයි තර්ක කළේය.

මෙම පනත් කෙටුම්පතෙහි කාම්බෝජයට ආධාර සඳහා ඩොලර් මිලියන 85.5 ක්බුරුමයට ඩොලර් මිලියන 134 ක්රුසියාවෙන් යුද උපකරණ මිලදී ගන්නා ඊජිප්තුවට සහ ඊජිප්තු හමුදාවට ඩොලර් බිලියන 1.3 ක් ඇතුළත් වන අතරම පාකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වැඩසටහන් සඳහා ඩොලර් මිලියන 25 ක්බෙලීස්කොස්ටාරිකාවඑල් සැල්වදෝරයගෝතමාලාවහොන්ඩුරාස්නිකරගුවාව සහ පැනමාව යන රටවල් සඳහා ඩොලර් 505 ක් ලබාදීමට යෝජනා ඇතුළත් ය”  යනුවෙන් ට්‍රම්ප් පවසයි.

විවෘත කොට නොමැති වොෂිංටන් ඩීසී හි කෙනඩි මධ්‍යස්ථානය සඳහා ඩොලර් මිලියන 40 ක් ලබා දීමට තීරණය කළේ ඇයිදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළ අතර අගනුවර කෞතුකාගාර හා ගැලරි සඳහා ඩොලර් බිලියන 1 කට වැඩි මුදලක් පනත මගින් වෙන් කර ඇති බව ද පෙන්වා දෙයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top