ට්‍රම්ප් ධවල මන්දිරයට පිටත පැවැත්වෙන ‘අමෙරිකාව බේරා ගැනීමේ” රැළිය ඇමතීමට සැරසෙයි

5ff4fa4820302758d52a057c.jpg

REUTERS

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය මැතිවරණයේ ප්‍රතිඵල අනුමත කිරීමට සූදානම් වන අතරතුර, වොෂිංටන් අගනුවරට රැස්වන ‘අමෙරිකාව බේරා ගැනීමේ’ රැළිය ඇමතීමට තමන් සූදානම් බව ‍ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කරයි.

Jim Lo Scalzo/EPA

“ත්‍රස්තවාදී සංවිධානයක්” වන ඇන්ටිෆා ව්‍යාපාරයට “වොෂිංටනයෙන් ඉවත් වන” ලෙස ජනාධිපතිවරයා දැනුම් දෙයි. එෆ්බීඅයි, ආරක්ෂක දෙපාර්තමේන්තුව, අධිකරණ දෙපාර්තමේන්තුව, අභ්‍යන්තර ආරක්ෂාව ඇතුළු ආයතන ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන බව ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.

තමන් පෙරවරු 11 ට ‘අමෙරිකාව බේරා ගැනීමේ’ රැලිය අමතන බවත්, “සමූහ වශයෙන්” එම රැළියට සහභාගී වන ලෙසත් ට්‍රම්ප් තම ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටී.

ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් තේරී පත්වීම අනුමත කිරීම සඳහා අද පැවැත්වෙන අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ සැසිවාරයට පෙර මැතිවරණ දූෂණ හෙළා දකිමින්, බයිඩන්ගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කිරීම සඳහා ට්‍රම්‍ප්ගේ ආධාරකරුවන් විශාල පිරිසක් අමෙරිකාවේ අගනුවරට රැස්ව සිටින බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top