යුරෝපා සංගම් නායකයෝ මධ්‍යධරණී මුහුදේ තුර්කියේ ‘ප්‍රකෝපකාරී ක්‍රියා’ තරයේ හෙළා දකිති

Screenshot-2020-10-17-094254.png

අන්කාරා පාලනය සයිප්‍රසය සහ ග්‍රීසිය සමඟ තම මතභේද යළිත් වරක් තීව්‍ර කරමින් නව බලශක්ති ගවේෂණ මෙහෙයුමක් සඳහා නෞකාවක් නැගෙනහිර මධ්‍යධරණී සාගරය බලා යළි පිටත් කර හැරීම යුරෝපා නායකයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

“තුර්කියේ ඒකපාර්ශවික ප්‍රකෝපකාරී ක්‍රියා අප තරයේ හෙළා දකිමු”, යුරෝපා සංගමයේ සභාපති චාල්ස් මිෂෙල්, බ්‍රසල්හි පැවති එම සංගමයේ රටවල් 27 හි නායක සමුළුවේ මුලසුන හෙබවීමෙන් අනතුරුව වාර්තාකරුවන් හමුවේ කියා සිටියේය.  

තුර්කිය සිය ඔරුක් රයිස් ගවේෂණ නෞකාව වන ග්‍රීක දූපතක් වන කැස්ටෙලෝරිසෝ අසල නැවත සේවයේ යෙදවීමත් සමඟමුහුදු සීමාවන් සහ බලශක්ති කැණීමේ අයිතිවාසිකම් පිළිබඳ ග්‍රීසිය සමඟ අර්බුදය යළිත් වරක් පැන නැඟුණු අතර ආරවුල විසඳීම අරමුණු කරගත් නැවුම් සාකච්ඡා වල අනාගතය ඒ සමඟ අභියෝගයට ලක්ව තිබේ.

අගෝස්තු මාසයේ නැගෙනහිර මධ්‍යධරණි මුහුදේ ගෑස් ගවේෂණය සම්බන්ධයෙන් තුර්කිය සහ ග්‍රීසිය අර්බුදයක පැටළුණු අතරඅසල්වැසි නේටෝ සාමාජිකයන් දෙදෙනා සයිප්‍රසය සහ ග්‍රීක දූපතත් වන ක්‍රීට් අතර උපාය මාර්ගික ජලයේ ප්‍රතිවාදී ගුවන් හා නාවික අභ්‍යාස සිදු කළහ.

ග්‍රීසිය කස්ටෙලෝරිසෝ අවට මුහුදට අයිතිවාසිකම් ඉල්ලා සිටියද තුර්කිය මෙය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ නැගෙනහිර මධ්‍යධරණි මුහුදට විශාල වෙරළ තීරයකට තමන් අයිතිවාසිකම් කියන බැවින් එම මුහුදට වැඩි හිමිකමක් තමන්ට තිබිය යුතු බවයි.

අන්කාරා පාලනය ප්‍රථම වරට ඕරූක් රයිස් භූ කම්පන පර්යේෂණ නෞකාව සහ යුද නැව් මතභේදාත්මක ජලයට යොදවා ඇතන්ස් සහ යුරෝපා සංගමය විසින් නැවත නැවත කරන ලද ඉල්ලීම් නොතකා මෙහෙයුම දීර්ඝ කළේය.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top