රුසියාවේ නිෂ්පාදිත එස් -400 මිසයිල පද්ධති අත්හදා බැලූ බව එර්ඩෝගන් සනාථ කරයි. ඒ පිළිබඳව සිය ඇමරිකානු නේටෝ සහචරයින්ගේ විරෝධය ගැන තමන් තැකීමක් නොකරන බව ඔහු පවසයි

5ae070680f25441c083ff54f.jpg

තුර්කිය පසුගිය වසරේදී රුසියාවෙන් මිලදී ගත් එස් –400 ගුවන් ආරක්ෂක පද්ධතිය අත්හදා බැලූ බව ජනාධිපති රිසෙප් ටායිප් එර්ඩොගාන් තහවුරු කර ඇති අතර, අභ්‍යාස සම්බන්ධයෙන් වොෂින්ටනයේ නිෂේධාත්මක ආකල්පය අන්කාරා පාලනයට වැදගත් නොවන බව ඔහු පවසයි.

නොවව තුර්කි හමුදාව පසුගිය සතියේ අති නවීන රුසියානු පද්ධතිය සාර්ථකව අත්හදා බැලූ බවට වාර්තා පළවීමත් සමඟ ඇමරිකානු මිතුරන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ එවැනි හැසිරීමක් “නේටෝ සගයෙකු හා එක්සත් ජනපදයේ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස තුර්කියේ වගකීම්වලට නොගැලපෙන” බවයි.

 

එස් –400 අභ්‍යාසය නිල වශයෙන් සනාථ කරමින් එර්ඩෝගන් සිකුරාදා වාර්තාකරුවන්ට පැවසුවේ මෙම පරීක්ෂණ “සිදු කළ අතර තවදුරටත් සිදු කෙරෙමින් පවතින” බවයි.

 

“එක්සත් ජනපද ස්ථාවරය නියත වශයෙන්ම අපට අදාළ නැහැ. අප සතුව තිබෙන මෙම ශක්‍යතාවයන් අප විසින් පරීක්ෂා කරනවා හැරුණු විට අප කුමක් කරන්නද?

 

තුර්කිය තමන් සතු විශාලමධ්‍යම හා බර මිලිටරි උපකරණ අත්හදා බැලීමට “අධිෂ්ඨාන කරගෙන සිටින අතර, ඒවා කුමන රට විසින් නිෂ්පාදනය කළේද යන්න තමන්ට වැදගත් නොවන බව එර්ඩොකාන් පෙන්වා දුන්නේය.

 

මෙය රුසියාවට අයත් ආයුධයක් යැයි [වොෂිංටන්හි] මහත්වරුන්ට විශේෂයෙන් කරදරයක් ඇති බව පෙනේ,” ඔහු පැවසීය.

 

රුසියාවේ සාදන ලද එස් –400 ආරක්ෂණ පද්ධතිය නේටෝ ජාලයට ඒකාබද්ධ නොකරන බව තුර්කි ආරක්ෂක ඇමතිවරයා අවධාරනය කරයි.

තුර්කිය විසින් රුසියානු එස් –400 ආරක්ෂණ පද්ධතිය භාවිතා කිරීම නේටෝවේ ආරක්ෂාවට බාධා පමුණුවනු ඇතැයි එක්සත් ජනපදය අවධාරණය කරයි. තුර්කිය එම අවි පද්ධතිය සේවයේ යොදවා ඇත්නම් එමගින් ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතාවලට “බරපතල ප්‍රතිවිපාක” ඇති විය හැකි බවත්, එසේ වුවහොත් තුර්කියට එරෙහිව සම්බාධක පනවන බවටත් වොෂිංටනය තර්ජනය කර තිබේ. පද්ධති මිලදී ගැනීම සඳහා මොස්කව් සමඟ ඇති ඩොලර් බිලියන 2.5 ක ගනුදෙනුව හේතුවෙන් දැනටමත් ඇමරිකාවේ නිෂ්පාදිත එෆ් –35 ප්‍රහාරක ජෙට් වැඩසටහනෙන් තුර්කිය ඉවත් කරනු ලැබ ඇත.

 

එස් –400 ගුවන් යානා ආරක්ෂණ පද්ධතිය අත්හරින ලෙස තුර්කියට වොෂින්ටනය බලපෑම් එල්ල කිරීම අවි වෙළෙඳ පොලේ අසාධාරණය තරගකාරීත්වයක් බවට මොස්කව් පාලනය චෝදනා කරයි. තම ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා රුසියානු දෘඩාංග අත්‍යවශ්‍ය බව අන්කාරා පාලනය විශ්වාස කරයි. තුර්කි හමුදා පසුගිය වසරේදී රුසියාවෙන් පළමු එස් –400 යානා මිලදී ගත් අතර ඒවා 2020 අවසන් වන විට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

 

තුර්කි ආරක්ෂක ඇමති හුලූසි අකාර් එස් –400 යානා නේටෝවේ අණ හා පාලන යටිතල ව්‍යුහයට ඒකාබද්ධ නොකරන බවට බ්‍රහස්පතින්දා දිනයේ සහතිකයක් ලබා දුන් අතර එය “ස්වාධීන පද්ධතියක් ලෙස භාවිතා කරනු ඇත” යන්න අවධාරනය කළේය.

S-400 මිසයිල ආරක්ෂණ පද්ධතිය 2007 වසරේ සිට රුසියානු හමුදාවේ ඉන්වෙන්ටරි වල පවතී. මෙම මිසයිල පද්ධතියට කිලෝමීටර් 600 ක් තින් පිහිටි ඉලක්ක හඳුනාගත හැකි අතර රහසිගත ගුවන් යානා සහ බැලස්ටික් මිසයිල වැනි විවිධ ප්‍රභවයන්ගෙන් එල්ල වන තර්ජන පිටුදැකිය හැකිය. S-400 පද්ධතිය අවම වශයෙන් එක් ජංගම මෙහෙයුම් විධාන මධ්‍යස්ථානයක්දියත් කිරීම් අටක් සහ මිසයිල 32 කින් සමන්විත වේ.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top