එක්සත් රාජධානිය තුළ රිය පදවන විට ජංගම දුරකතන භාවිතා කළොත් වැඩ වරදී

mobile-phone-2.jpg

Girl texting accident

රිය පදවන විට කුමන අයුරකින් හෝ ජංගම දුරකතනය භාවිතා කරන රියදුරන්ට පවුම් 200 ක දඩමුදලක් සහ තහනමක් පැනවීමට බ්‍රිතාන්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

රිය පදවන විට ඇමතුම් ලබාගැනීම හෝ කෙටි පණිවුඩ යැවීම දැනටමත් තහනම් කොට ඇති නමුත්, නව නීති යටතේ ඡයාරූප ගැනීම, ගීත ලැයිස්තුව සෙවීම, හෝ දුරකතනයෙන් වීඩියෝ ක්‍රීඩා කිරීම ඇතුළු සුක්කානම පසුපස සිට කුමන ආකාරයකින් හෝ ජංගම දුරකතනය භාවිත කිරීම නීති විරෝධී ක්‍රියාවක් ලෙස නව නීති යටතේ නම් කොට ඇත.

දැනට “අන්තර්ක්‍රියාකාරී සන්නිවේදනය” යනුවෙන් නිර්වචනය කෙරෙන මෙම වරදේ නීතිමය හිඩැස් වසාදැමීම මෙහි අරමුණ බව බ්‍රිතාන්‍ය රජය පවසයි.

“අපේ රටේ මාර්ග ලෝකයේ වඩාත් ආරක්ෂාකාරීම මාර්ග වුවත්, 21 වන සියවසට ගැලපෙන ලෙස වඩාත් ආරක්ෂාකාරී කළ යුතුයි”, මාර්ග අමාත්‍ය බැරනස් වියර් කියයි.

සති 12 ක කාලයක් ජනතාවගේ අදහස් විමසීමෙන් අනතුරුව නීතියක් බවට පත්වන රජයේ මෙම තීරණයට අනුව, පොලිසියට කිසියම් රියදුරෙකු රිය පදවන විට ජංගම දුරකතනයක් අත තබාගෙන, එය භාවිත කරයි නම් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ සැළසෙනු ඇත. වරදකරු බවට පත්වන රියදුරෙකුට පවුම් 200 ක දඩයක් මෙන්ම රියදුරු බලපත්‍රයේ ලකුණු 6 ක් එක්වනු ඇත. රියදුරෙකුට තම වැරදිවලට ලකුණු 12 ක් එක්වූ විට රියදුරු බලපත්‍රය ස්වංක්‍රීයව තහනම් කෙරේ. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top