එක්සත් රාජධානියේ විනිසුරු අසාන්ජ්ට එරෙහි උදර්පන තීන්දුව අද ප්‍රකාශ කරයි

93267104_assange.jpg

විකිලීක්ස් නිර්මාතෘ ජූලියාන් අසාන්ජ්ට එරෙහි උදර්පන නඩු විභාගය අසන ලද බ්‍රිතාන්‍ය විනිසුරුවරයා අසාන්ජ් අමෙරිකා එක්සත් ජනපදයට උදර්පනය කොට, යුද අපරාධ හෙළිදරව් කිරීමට අදාළ ඔත්තු බැලීමේ පනත යටතේ ඔහුට එරෙහි නඩු විභාගයක් සිදුකිරීමට ඉඩදීමට පිළිබඳ තම තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට සැරසේ.

යම් හෙයකින් අසාන්ජ් අමෙරිකා එක්සත් ජනපදයට උදර්පනය කළහොත් ඔහුට වසර 175 ක සිරදඬුවමකට යටත් වීමට සිදුවනු ඇත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අධිකරණ දෙපාර්තමේන්තුව විකිලීක්ස් නිර්මාතෘවරයාට එරෙහිව ඔත්තු බැලීමේ චෝදනා 17 ක් සහ පරිගණක අපරාධයක් සිදුකිරීමට අදාළ කුමන්ත්‍රණයක නිරතවීමට අදාළ එක් චෝදනාවක් යටතේ අධිචෝදනා එල්ල කොට තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු හමුදා සෙබළෙකු වන චෙල්සී මෑනින්ග් විසින් විකිලීක්ස් වෙබ් අඩවියට ලබාදෙන ලද තොරතුරු මත මෙම චෝදනා ගොණු කොට ඇත.

ජනාධිපති ට්‍රම්ප් අසාන්ජ්ට සමාවක් ලබාදීම සම්බන්ධයෙන් සළකා බලන බවට කටකථා පැතිර පවතින අතර බොහෝ දෙනෙකු එලෙස සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. අසාන්ගේ පෙම්වතිය වන ස්ටෙලා මොරිස් එබඳු සමාවක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් මෑතකදී ෆොක්ස් නිව්ස් ආයතනය සමඟ පැවති සාකච්ඡාවකදී ඉදිරිපත් කළාය.

අසාන්ජ් 2019 වසරේ අප්‍රේල් මාසයේ සිට ලංඩන් අගනුවර බෙල්මාර්ෂ් බන්ධනාගාරය තුළ රඳවනු ලැබ සිටී. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත නිල්ස් මෙල්සර් බෙල්මාර්ෂ්හිදී අසාන්ට දක්වන සැළකිල්ල වධ බන්දනයකට සමාන කොට ඇත. අසාන්ජ් උදර්පනය කිරීමට එරෙහිව මෑතකදී අදහස් දැක්වූ මෙල්සර්, ජනමාධ්‍යකරණය සාපරාධී ක්‍රියාවක් බවට පත් කිරීමට වොෂිංටනය ක්‍රියා කරන බවට චෝදනා කළේය.

“කොටින් කිවහොත්, අමෙරිකා එක්සත් ජනපදය ගවේෂනාත්මක මාධ්‍යකරණය සාපරාධී ක්‍රියාවක් බවට පත්කිරීමේ උත්සාහයක නිරතව සිටී. මෙම උදර්පනය කිරීමේ ඉල්ලීම පසුපස ඇති අරමුණ එය මිස අන් කිසිවක් නොවේ”, මෙල්සර් පවසයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top