වසංගතයට මුහුණදීම සඳහා සම්බාධක ඉවත් කරන්නැයි චීනය ඇතුළු එක්සත් ජාතීන්ගේ සෙසු රටවලින් ඉල්ලීමක්

b86f487e-d8fe-4bbd-9e6c-60a7201dfd74.jpeg

කොරෝනා වෛරස් ආසාදනයට වඩාත් කාර්යක්ෂමව මුහුණදීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර
රටවල් පනවා ඇති සම්බාධක වහා ඉවත් කරන්නැයි චීනය සහ තවත් රටවල් 25 ක් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ මානව හිමිකම් කමිටුව හමුවේ රටවල් 26 ක් වෙනුවෙන් අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන තානාපති සැන් ජුන් කියා සිටියේ “ඒකපාර්ශවීය බලහාත්කාරී ක්‍රියාමාර්ග” එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, බහුපාර්ශ්විකවාදය උල්ලංඝණය
කරමින්, මානව හිමිකම් යටපත් කරමින්, “බලපෑමට ලක්වූ රටවල ජනතාවගේ සුබසිද්ධියට” අකුල් හෙළමින්, සෞඛ්‍යය සඳහා ඇති අයිතිය වළකාලන බවයි.  

“ගෝලීය එකමුතුභාවය සහ අන්තර්ජාතික සහයෝගීතාවය කොවිඩ් – 19 ට එරෙහි සටන් කිරීමට සහ එය පරාජය කිරීමට එරෙහිව යොදාගත හැකි වඩාත් බලගතු අවියයි”, ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.

අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය හෝ අනෙකුත් බටහිර ජාතීන්ගේ සම්බාධකවලට ‍ගොදුරුව සිටින කියුබාව, උතුරු කොරියාව, ඉරානය, රුසියාව, සිරියාව සහ වෙනිසුවෙලාව යන රටවල් ද මෙම නිවේදනයට සහාය පළ කොට තිබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියේ ගුටාරස් සහ මානව හිමිකම් ප්‍රධානී මිෂෙල් බැෂලේ ද වසංගතයට ප්‍රතිචාර දැක්වීමට රටවලට ඇති හැකියාව යටපත් කරන සම්බාධක ඉවත්කරන ලෙස ඉල්ලා ඇතැයි එම නිවේදනයේ දැක්වේ. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top