අමෙරිකා එක්සත් ජනපදය ‘චීන යුද සමාගම්’ සඳහා ආයෝජනය කිරීම තහනම් කරයි

http___com.ft_.imagepublish.upp-prod-us.s3.amazonaws-1.jpg

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන සමාගම් සමඟ ඇමරිකානු ආයෝජන තහනම් කිරීමට අදාළ නියෝගයක් නිකුත් කරයි.

මෙම නියෝගයට අනුව ට්‍රම්ප් චීනය “සිය යුද කටයුතු සංවර්ධනය කිරීම හා නවීකරණය කිරීම සඳහා මුදල් යෙදවීමට” එක්සත් ජනපද ආයෝජකයින්” වැඩි වැඩියෙන් සූරාකන බවට චෝදනා කළේය.

 

මෙම තහනම ජනවාරි මාසයේ සිට බලාත්මක වීමට නියමිතය.

 

එය චීන ටෙලිකොම් සහ තාක්‍ෂණ සමාගමක් වන හික්විෂන් ඇතුළු චීනයේ විශාලතම ප්‍රසිද්ධියේ ලැයිස්තුගත කර ඇති සමාගම් කිහිපයකට බලපායි.

 

ට්‍රම්ප් සිය පාලන කාලය පුරාවටම අමෙරිකා එක්සත් ජනපදය චීනය සමඟ ඇති සමීප ආර්ථික සම්බන්ධතාවයෙන් බැහැර කිරීමට උත්සාහ දරා ඇත.

 

ඔහු ඩොලර් බිලියන ගණනක් වටිනා චීන භාණ්ඩ සඳහා ආනයනික බදු ඉහළ නංවා ඇති අතර චීනයට අයත් ඇතැම් තාක්ෂණික සමාගම්වලට සම්බාධක පැනවීය.

 

කොරෝනා වෛරසය සහ හොංකොං සම්බන්ධ චීනයේ ක්‍රියාමාර්ග වැනි කාරණා සම්බන්ධයෙන් සුපිරි බලවතුන් දෙදෙනා අතර සබඳතා අර්බුදයට ලක්ව ඇත.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top