අමෙරිකා එක්සත් ජනපදය තවදුරටත් එල්ටීටීය හෙවත් කොටි සංවිධානය තහනම් සංවිධානයක් ලෙස සළකමින් ඒ සතු අරමුදල් තහනම් කිරීමට පියවර ගනී. ඒ අනුව, කොටි සංවිධානය සතු අමෙරිකානු ඩොලර් 580,811 ක
අරමුදල් තවදුරටත් අත්හිටවනු ලැබ ඇත. 2018 සහ 2019 වසර දෙකෙහි දී ද වොෂිංටනය කොටි සංවිධානය සම්බන්ධ තම ස්ථාවරය මෙලෙසින්ම පවත්වාගෙන ගියේ ය.

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන ලෙස එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නම් කරන ලද සංවිධාන රැසක අරමුදල් තවදුරටත් අත්හිටුවීමට වොෂිංටනය තීරණය කර ඇත. අල් ඛයිඩා, ලෂ්කාර්-ඊ-ටලීබා, හර්කත්-උල්-මුජාහිදීන්-අල්-ඉස්ලාම් ඇතුළු සංවිධාන රැසක් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් ඊයේ නිකුත් කරන ලද තහනම් ලැයිස්තුවට ඇතුළත් කොට ඇත.
එම වාර්තාවට අනුව, 2019 වසරේ දී අමෙරිකා එක්සත් ජනපදය ලොව පුරා ත්‍රස්ත සංවිධාන 70 කට ආසන්න සංඛ්‍යාවකට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 63 ක අරමුදල් මෙලෙස අත්හිටවනු ලැබ තිබේ.
අමෙරිකා එක්සත් ජනපදය ඒ අතරම, ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ලෙස
ඉරානය, සුඩානය, සිරියාව සහ උතුරු කොරියාව යන රටවලට අයත් ඩොලර් මිලියන 200.19 ක
අරමුදල් ද තහනම් කොට තිබේ.