කැබිනට් මණ්ඩලය සාමාජිකයෝ ට්‍රම්ප් ඉවත් කිරීමට සැරසෙති: අමෙරිකානු මාධ්‍ය

download.jpg

ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පිරිසක් කැපිටල් හිල් කොංග්‍රස් සමුළුවට කඩාවැදීමට පිළිතුරු වශයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම ධුරයෙන් ඉවත් කිරීම කෙරෙහි ඔහුගේ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇතැයි අමෙරිකානු ප්‍රවෘත්ති නාලිකා තුනක් වාර්තා කරයි.

 

අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වන සංශෝධනය කෙරෙහි මෙහිලා අවධානය යොමු කෙරෙන අතර, එමගින් “තම ධුරයේ බලතල සහ රාජකාරී ඉටුකිරීමට අපොහොසත්ව ඇත”  යනුවෙන් විනිශ්චය කළහොත් උප ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය මගින් ජනාධිපතිවරයා ඉවත් කළ හැකිය.

 

මෙම වගන්තිය බලාත්මක කිරීමට නම් උප ජනාධිපති මයිකල් පෙන්ස් ජනාධිපතිවරයා ඉවත් කිරීමට අදාළ කැබිනට් මණ්ඩල ඡන්ද විමසීමට නායකත්වය ලබාදිය යුතුය.

 

නම හෙළි නොකළ රිපබ්ලිකන් නායකයෙකු උපුටා දක්වමින් සීඑන්එන් ප්‍රවෘත්ති සේවය ප්‍රකාශ කරන්නේ 25 වන සංශෝධනය කෙරෙහි සාකච්ඡා වූ අතර, ට්‍රම්ප් “පාලනය කරගත නොහැකි” පුද්ගලයෙකු ලෙස නිගමණය කෙරුණු බවයි.

 

උද්ඝෝෂකයන් දිරිමත් කිරීම, නොවැම්බර් 3 මැතිවරණය තමන් පරාජයට පත්වූයේ දැවැන්ත වංචාවක් නිසා බවට පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කිරීම සහ අනෙකුත් විකාර හැසිරීම් රටට නායකත්වය දීමට ට්‍රම්ප්ට ඇති හැකියාව ප්‍රශ්ණ කෙරෙන බව කැබිනට් මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන්ගේ අදහස වී තිබේ.

 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top