ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කොංග්‍රස් මණ්ඩලයට කඩා වැදීම නිසා ඇතිවූ ගැටුම්වලින් සිවු දෙනෙක් මියයති (video)

file7dym1aclvbd9ezazcc2-936066-1609987549.jpg

Getty Images

අමෙරිකානු කොංග්‍රසය රැස්වන කැපිටල් හිල් ගොඩනැගිල්ලට ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ඇතුළුවීමෙන් අනතුරුව හටගත් ගැටුම්වලින් සිව් දෙනෙකු මියගිය බව වොෂිංටන් ඩීසී පොලිසිය පවසයි.

පොලිස් වෙඩි තැබීමෙන් මියගිය කාන්තාවට අමතරව, තවත් තිදෙනෙකු “වෛද්‍ය හදිසි අවස්ථා” හේතුවෙන් මියගිය බව බීබීසී ප්‍රවෘත්ති සේවාව පවසයි.

මේ දක්වා පුද්ගලයන් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එයින් 47 දෙනෙකුට එරෙහිව ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ලවී තිබේ.

මේ අතර, ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනේට් මණ්ඩලයේ ඒකාබද්ධ සැසිවාරය රැස්ව සිටින අතර එහිදී ඡන්ද විද්‍යාල ඡන්ද ගණනය කිරීමට නියමිතය. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top