එක්සත් ජනපද මැතිවරණය 2020: ප්‍රධාන ප්‍රාන්තවල ට්‍රම්ප්-බයිඩන් අතර උණුසම් තරගයක්

630x420_cmsv2_a23357f7-f54a-5fa3-b066-ca4311cd65f1-5074766-1.jpg

රිපබ්ලිකන් පක්ෂ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ඩිමොක්‍රටික් අභියෝගකරු ජෝ බයිඩන් අතර එක්සත් ජනපද ජනාධිපතිවරණයේ පූර්ව මැතිවරණ ප්‍රතිඵල මගින් පෙන්නුම් කෙරෙනුයේ තීරණාත්මක තරගයක් පවතින බව ය.

ජයග්‍රහණය සඳහා අතිශයින් වැදගත් ප්‍රාන්තයක් වන ෆ්ලොරීඩාහි සියළුම ඡන්ද පාහේ ගණන් කොට ඇති තත්වයක් තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝ බයිඩන්ට වඩා ඉදිරියෙන් සිටී.

නමුත් ජෝර්ජියාවපෙන්සිල්වේනියාවවිස්කොන්සින්මිචිගන්ඔහියෝ සහ උතුරු කැරොලිනා වැනි අනෙකුත් ප්‍රධාන ප්‍රාන්තවල තියුණු සටනක් පවතී.

මිලියන 100 කට අධික ජනතාවක් අඟහරුවාදා මැතිවරණ දිනයට පෙර කළහ – එක්සත් ජනපදය තුළ සියවසක කාලයක් තුළ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් මෙවර වාර්තාවී තිබේ.

අමෙරිකානු කොන්ග්‍රසය සඳහා ද නියෝජිතයන් තෝරා පත් කරගැනීම මෙවර මැතිවරණයේදී සිදුකෙරේ. ධවල මන්දිරය මෙන්ම සෙනෙට් මණ්ඩලයේ බහුතරය හිමිකරගැනීමට ද රිපබ්ලිකන් පක්ෂය අපේක්ෂා කරයි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් අතේ තවදුරටත් රැඳෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top