REUTERS
ජෝ බයිඩන්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය අනුමත කිරීම ප්‍රතික්ෂේප කිරීමට අමෙරිකානු සෙනේට් සභිකයන් පිරිසක් දියත් කොට ඇති ප්රයත්නයට තමන් උපරීම සහාය දක්වන බව අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසයි.

REUTERS
ටෙඩ් කෘස්ගේ නායකත්වයෙන් යුත් රිපබ්ලිකන් සෙනේට් සභිකයින් 11 දෙනෙකු සහ සෙනේට් සභිකයන් ලෙස තෝරා ගනු ලැබ සිටින කණ්ඩායමක් මැතිවරණ වංචා පිළිබඳ තහවුරු නොකරන ලද චෝදනා පිළිබඳ විමර්ශණය දින 10 කින් කල් තැබීමට යෝජනා කොට තිබේ.
සෙනේට් සභිකයන්ගෙන් බහුතරයක් ජනවාරි මස 6 දින පැවැත්වෙන ඡන්ද විමසීමේදී බයිඩන්ගේ ජයග්‍රහණය පිළිගත හැකි පසුබිමක් තුළ මෙම ප්රයත්නය නිසැක වශයෙන්ම පරාජයට පත්විය හැකිය.
ඩිමොක්රටික් පාක්ෂිකයෙකු වන බයිඩන් එළැඹෙන ජනවාරි මස 20 වන දින අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිතය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බර් මස 3 දින පැවති මැතිවරණයේ පරාජය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන අතර කිසිදු සාක්ෂියක් නොමැතිව මැතිවරණය දූෂිත බවට චෝදනා කරමින් සිටී.
අමෙරිකානු උප ජනාධිපතිවරයා මැතිවරණය දූෂිත බව සෘජුව ප්‍රකාශ නොකරන නමුත් “මැතිවරණයේ දී දූෂණ සහ අක්‍රමිකතා සිදුවූ බවට මිලියන සංඛ්‍යාත අමෙරිකානුවන් පිරිසක් පළ කර ඇති කනස්සල්ල” තමන් ද අනුමත කරන බ ව පෙන්ස්ගේ අදහස වී ඇතැයි ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී මාර්ක් ෂොර්ට් පවසයි.