අමෙරිකානු ජනාධිපතිවරණය: සාරාංශය

us-election-trump-biden.jpg

ප්‍රතිලවලින් පෙනී යන්නේ ෆ්ලොරිඩාව ඇතුළු ප්‍රධාන ප්‍රාන්තවල දැඩි තරඟයක් පැවැත්වෙන අතර ජනාධිපති ධුරය ලබා ගැනීමට නම් කිසියම් අපේක්ෂකයෙකු සමස්ථ ඡන්ද විද්‍යාල 538 න් ඡන්ද විද්‍යාල 270 ක ජය හිමිකරගත යුතුය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලබාමාආකන්සාස්ඉන්දියානාකෙන්ටකිටෙනසිඔක්ලහෝමාදකුණු කැරොලයිනාඋතුරු සහ දකුණු ඩැකෝටා සහ බටහිර වර්ජිනියා යන ප්‍රාන්තවල බලය හිමිකර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් කොලරාඩෝකනෙක්ටිකට්ඩෙලවෙයාර්වර්මොන්ට්මේරිලන්ඩ්මැසචුසෙට්ස්නිව් ජර්සිනිව් යෝර්ක්වොෂිංටන් ඩීසී සහ නිව් මෙක්සිකෝව දිනා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

1992 වසරේ දී ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගෙන්  පසු දෙවන ධුර කාලසීමාව සඳහා පැවති සටනින් පරාජයට පත් පළමු අපේක්ෂකයා බවට පත්වීමෙන් වැළකී සිටීමට 74 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි උත්සාහයක නිරතව සිටී.

එක්සත් ජනපදය තුළ සියවසකට පසු වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කළ මැතිවරණය මෙය වන අතර සමහර ප්‍රාන්තවල ගණන් කිරීම් මැතිවරණ රාත්‍රියේදී අවසන් නොවනු ඇත.

පූර්ව මත විමසුමකට අනුව ජාතික වශයෙන් ඡන්දදායකයින් 10 දෙනෙකුගෙන් හතර දෙනෙකු කොරෝනා වෛරසයට රජය දැක්වූ ප්‍රතිචාරය “ඉතා නරක අතට හැරී ඇත” යැයි සිතන නමුත් රටේ ඉහළම ප්‍රශ්ණය ආර්ථිකය ලෙස හඳුනා ගෙන ඇත. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top