අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵලය: ට්‍රම්ප් සහ බයිඩන් දෙදෙනාම ජයග්‍රහණය ප්‍රකාශ කිරීමත් සමඟ දෙපාර්ශවය නඩු මගට බසිති

YF5TJEYP3ZGPBII56TBNQVVOEY.jpg

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් දෙදෙනාම අඟහරුවාදා පැවති ධවල මන්දිර සටනේ ජයග්‍රහණයට හිමිකම් කීම හේතුවෙන් අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹීමට දෙපාර්ශවය තීරණය කර තිබේ.

 

 

මැතිවරණයේ දී ‍ට්‍රම්ප් සහ බයිඩන් අතර තියුණු සටනක් පැවතිණ. ජයග්‍රහණය සඳහා තීරණාත්මක වශයෙන් වැදගත් විස්කොන්සින්, පෙන්සිල්වේනියා සහ මිචිගන් ප්‍රාන්තවල ඡන්ද ගණනය කිරීම අභියෝගයට ලක් කරමින් නඩු මගට බැසීමට ට්‍රම්ප්ගේ කඳවුර තීරණය කර ඇත. 

 

බීබීසී ප්‍රවෘත්ති සේවයේ ප්‍රක්ශේපනවලට අනුව, මිචිගන් ප්‍රාන්තයේ ජය බයිඩන්ට හිමිවී තිබේ. අමෙරිකා එක්සත් ජනපදය මාධ්‍ය විස්කොන්සින් ප්‍රාන්තය ට්‍රම්ප් ජයගත් බවට පුරෝකතනය කර ඇත. පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත්කොට නොමැත.  

 

රස්ට් බෙල්ට් ප්‍රාන්ත ලෙස හැඳින්වෙන මෙම ප්‍රාන්ත තුන දිනා ගැනීමට බයිඩන් සමත්වුවහොත්, මැතිවරණයේ ජයග්‍රහණය ඔහුට හිමිවනු නිසැකය.  බදාදා පස්වරු‍වේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විල්මින්ටන්හිදී අදහස් දැක්වූ බයිඩන්: “ඡන්ද ගණනය අවසන් වූ පසු අපට ජයග්‍රහණය හිමිවනු ඇත”, යනුවෙන් කියා සිටියේය. 

 

ධවල මන්දිරයට පිවිසීම සඳහා අවශ්‍ය ඡන්ද විද්‍යාල 270 අත්කර ගැනීමේ සටනේ වැඩි වාසි බයිඩන්ට හිමිව තිබේ. ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක බයිඩන් මේ වනවිටත් ඡන්ද විද්‍යාල 243 ක් දිනා ගෙන ඇති අතර ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ට්‍රම්ප්ට හිමිව ඇත්තේ ඡන්ද විද්‍යාල 214 ක් පමණි.

 

අමෙරිකානු ජනාධිපතිවරණයේ දී, ඡන්දදායකයෝ තනි, ජාතික තරගයකදී නොව ප්‍රාන්ත මට්ටමේ තරගයේ තීරකයෝ වෙති. අමෙරිකා එක්සත් ජනපදයේ එක් එක් ප්‍රාන්තය සඳහා නිශ්චිත ඡන්ද විද්‍යාල ඡන්ද සංඛ්‍යාවක් වෙන් කොට ඇති අතර, එය ප්‍රාන්තයේ ජනගහණය මත රඳා පවතී. සමස්ථ ඡන්ද විද්‍යාල සංඛ්‍යාව 538 කි.

 

ඩොනල්ඩ් ට්‍රම්ප් විස්කොන්සින් ප්‍රාන්තය පරාජයට පත්වුවහොත්, ජනාධිපතිධුරය රැක ගැනීම සඳහා ඔහුට ජෝර්ජියාව, උතුරු කැරොලයිනාව, පෙන්සිල්වේනියාව යන ප්‍රාන්ත තුන සමඟ ඇරිසෝනා හෝ ‍නෙවාඩා යන ප්‍රාන්ත දෙකෙන් එකක් දිනාගත යුතුව ඇත.

 

 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top