අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අවසාන ප්‍රතිඵලය ඇරිසෝනා, ජෝර්ජියා, නෙවාඩා සහ පෙන්සිල්වේනියා ප්‍රාන්ත හතරේ ප්‍රතිඵලය මත රඳා පවතී.
බ්‍රහස්පතින්දා පුරාම යාවත්කාලීන කිරීම් අපේක්ෂා කරන නමුත් අවසාන ජයග්‍රාහකයා කවරෙකු ද යන්න නිශ්චිතව හඳුනා ගැනීමට තවත් පැය කිහිපයක් ගත විය හැකිය.
ජෝ බයිඩන් නෙවාඩා සහ ඇරිසෝනා හි තරමක් ඉදිරියෙන් සිටින අතර ජෝර්ජියාවේ සහ පෙන්සිල්වේනියා ප්‍රාන්තවල ද ට්‍රම්ප්ගේ වාසිය උදුරා ගනිමින් සිටී.
ට්‍රම්ප්ගේ මැතිවරණ කණ්ඩායම පෙන්සිල්වේනියා, විස්කොන්සින්, ජෝර්ජියා සහ මිචිගන් හි ඡන්ද ගණන් කිරීම නතර කිරීම සඳහා නීතිමය අභියෝගයක් එල්ල කොට තිබේ.
බයිඩන් මිලියන 71.5 ක වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් රැස් කර ඇති අතර ජනාධිපති වීමට ප්‍රමාණවත් ප්‍රාන්ත සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන බව පවසා ඇත.
මේ අතර ට්‍රම්ප්ගේ ජයග්‍රහණ කරා යන මාවත කෙමෙන් ඇහිරී යමින් පවතී
සමස්ත ඡන්දය ප්‍රකාශ කිරීම වසර 120 ක් තුළ ඉහළම අගය වාර්තා කරමින් 66.9% ක් ලෙස පුරෝකථනය කර තිබේ.