දහස් සංඛ්‍යාත හමුදා භට පිරිසකගේ සහභාගීත්වයෙන් මේ සතියේ පැවැත්වෙන ඒකාබද්ධ යුද අභ්‍යාසය නැගෙනහිර චීන මුහුදේ බෙයිජිං පාලනය අයිතිවාසිකම් කියාපාන නමුත් ජපාන පාලනය යටතේ පවතින සෙන්කාකු දූපත් ආශ්‍රිතව පැවැත්වේ. අර්බුදයේදී තමන් ජපානයට සහාය පළකරන බවට අනතුරු ඇඟවීමක් චීනය ලබාදීම අභ්‍යාසයේ අරමුණ බව සීඑන්එන් ප්රවෘත්ති සේවය පවසයි.
“හදිසි අවස්ථාවකදී හෝ අර්බුදයකදී සෙන්කාකු දූපත් ආරක්ෂා කිරීමට අවශ්‍ය සංග්රම ශක්තිය ලබාදීමට” අදාළ ශක්‍යතාවය ප්‍රදර්ශනය කිරීම අභ්‍යාසයේ අරමුණ බව ජපානයේ අමෙරිකානු හමුදා අණදෙන නිලධාරී ලුතිනන් ජනරාල් කෙවින් ෂ්නෙයිඩර් ඉකුත් සඳුදා ජපාන යුද නෞකාවකදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය.

චීන භාෂාවෙන් ඩියෝයූ යනුවෙන් හඳුන්වනු ලබන මෙම සෙන්කාකු දූපත් සමූහයට ජපානය සහ චීනය යන දෙරටම අයිතිවාසිකම් කියයි. චීනයට අයත්ව පැවති මෙම දූපත් 1972 වසරේ සිට ජපානය විසින් පාලනය කරනු ලබයි.
ටෝකියේ අගනුවරට කිලෝ මීටර 1,900 ක් (සැතපුම් 1,200 ක්) නිරිතදිගින් පිහිටි ජනශුන්‍ය මෙම දූපත් සමූහය දෙරට අතර තියුණු මතභේදයට මුල්වී තිබේ.
චීන නාවික යාත්‍රා, ටෝකියෝ පාලනයේ විරෝධය නොතකමින් මේ වසරේ වාර්තාගත වාර ගණනක් මෙම මුහුදු ප්‍රදේශයේ ඔබමොබ යාත්‍රා කළේය.
ස්වෝර්ඩ් 21 යනුවෙන් නම්කොට ඇති අමෙරිකා-ජපාන යුද අභ්‍යාසය වසර 30 ක පමන කාලයක් මුළුල්ලේ වසරකට දෙවරක් බැගින් පැවැත්වේ. මෙවර අභ්‍යාසය නොවැම්බර් මස 5 දායින් අවසන්වීමට නියමිතය.
මේ අතර, චීනයේ මහජන විමුක්ති හමුදාව ද බොහායි මුහුදේ සහ කහ මුහුදේ නාවික අභ්‍යස දෙකක් පැවැත්වීමට සූදානම් වෙයි. මෙම අභ්‍යාස දෙක පිළිවෙළින් නොවැම්බර් මස 10 සහ ඔක්තෝබර් මස 30 වන දින අවසන්වීමට නියමිතය. එම අභ්‍ය’සවල ස්වභාවය කෙබඳුද යන්න තවමත් හෙළිකොට නොමැත.