න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම දීර්ඝ කිරීමේ රුසියානු ඉල්ලීම ධවල මන්දිරය ප්‍රතික්ෂේප කරයි

5f89d7a520302742af6e5315.jpg

එක්සත් ජනපදය හා රුසියාව අතර ඉතිරිව ඇති අවසන් අවි පාලන ගිවිසුම වන නිව් ස්ටාර්ට් ගිවිසුම (New START) කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව වසරකින් දිර්ඝ කිරීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ යෝජනාව වොෂින්ටනය ප්‍රතික්ෂේප කර තිබේ.

එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් මොස්කව්හි යෝජනාවට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ “මිල අධික ආයුධ තරඟයක් ආරම්භ වීමට පෙර රුසියාව සිය ස්ථාවරය නැවත ඇගයීමට ලක් කරනු ඇතැයි” වොෂින්ටනය බලාපොරොත්තු වන බවයි.

‘අවි තරඟයක් ඇතිවීමේ විභවතාවයක්  පවතී’ ය යනු පුටින් එක්සත් ජනපදයට සිය ඉල්ලීම දීර්ඝ කරන විට කළ
අනතුරු ඇඟවීමයි. මූලෝපායික අවි අවම කිරීමේ ගිවිසුම (
Strategic Arms Reduction Treaty) යනුවෙන් නිල
වශයෙන් හඳුන්වනු ලබන ගිවිසුම දීර්ඝ
කිරීමට අපොහොසත් වුවහොත් “ආයුධ තරඟයක් මැඩපැවැත්වීම සඳහා කිසිදු උපකරණයක්” ලෝකයට නොමැති බව රුසියානු ජනාධිපතිවරයා අද එරට ජාතික ආරක්ෂක මණ්ඩලයට පැවසීය.

පසුගිය වසරේදී අතරමැදි පරාස න්‍යෂ්ටික බලකා ගිවිසුමෙන් (Intermediate-Range Nuclear Forces (INF) treaty) ඇමරිකාව ඒකපාර්ශවිකව ඉවත්වීමෙන් පසුව, 2010 නව ස්ටාර්ට් ගිවිසුම න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර ඇති එකම ක්‍රියාකාරී අවි පාලන ගනුදෙනුව ලෙස පවතී. මෙම ගිවිසුම 2021 පෙබරවාරියේ දී කල් ඉකුත්වීමට නියමිත අතර එය දීර්ඝ කිරීම සඳහා වන සාකච්ඡා මේ වන විට අවහිර වී ඇත.

මෙම ගිවිසුම මගින් එක්සත් ජනපදයට සහ රුසියාවට තමන් සන්තකයේ තබාගත හැකි න්‍යෂ්ටික යුධ ශීර්ෂ ගණන 1,550 බැගින් සීමා කරයි. දෙපාර්ශවයටම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල, සබ්මැරීනය දියත් කළ හැකි බැලස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා 700 කට වඩා නොතිබිය යුතු බව ද එහි සඳහන් ය. උපායමාර්ගික න්‍යෂ්ටික බෙදාහැරීමේ වාහන සංඛ්‍යාව 800 නොඉක්මවිය යුතුය.

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top