අමෙරිකා එක්සත් ජනපද සරසවිවලට ඇතුළු වන විදේශ සිසුන් සංඛ්‍යාව වාර්තාගත ලෙස පහත බසී

92865580_10158353032797311_7289823084985450496_o.jpg

අමෙරිකා එක්සත් ජනපද සරසවිවලට ඇතුළත් වන අන්තර්ජාතික සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව වසර 16 කට පසු වාර්තාගත ලෙස පහත බසී. කොවිඩ් – 19 වසංගතය ලොව පුරා පැතිරයාමට පෙර පටන් ඇතිවූ මෙම ප්‍රවණතාවය මගින් ට්‍රම්ප් පාලනයේ සංක්‍රමණික ප්‍රතිපත්ති අමෙරිකා එක්සත් ජනපද උසස් අධ්‍යාපනය කෙරෙහි බලපා ඇති ආකාරය පෙන්නුම් කරන බව විශ්ලේෂකයෝ පවසති.

අන්තර්ජාතික අධ්‍යාපනය නමැති ලාබ ඉපැයීම අරමුණු කර නොගත් ආයතනය සඳුදා දිනයේ නිකුත් කළ ඔිපන් ඩෝස් නමැති වාර්තාවට අනුව 2019-2020 වකවානුව තුළ අමෙරිකා එක්සත් ජනපද සරසවිවලට ඇතුළුවන අන්තර්ජාතික සිසුන්ගේ සංඛ්‍යාව මිලියන 1.08 දක්වා 1.8% කින් පහත බැස තිබේ. එම වාර්තාව නිකුත් කිරීම ආරම්භ කොට ගතවූ වසර 70 ක ඉතිහාසය තුළ දක්නට ලැබුණු තෙවැනි විශාලතම අඩුවීම එයයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ මධ්‍යම රජය ලබාදුන් “සාදරයෙන් පිළි නොගන්නා බවට දුන් පණිවිඩය මීට බොහෝ සෙයින් හේතුවී ඇත”, සැන් ෆ්‍රැන්සිස්කෝ සරසවියේ අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඩොනල්ඩ් හෙලර් පවසයි.

අන්තර්ජාතික සංචරණ සහ වීසා බලපත්‍ර නිකුත් කිරීම වසංගතයේ බලපෑම හේතුවෙන් නවතා ඇති අවස්ථාවක වත්මන් අධ්‍යයන වර්ෂය තුළ මෙම කඩා වැටීම වඩාත් විශාල විය හැකිය. සීත සෘතුවේ අධ්‍යයන වාරය තුළ උපාධි පාඨමාලා සඳහා උපාධි අපේක්ෂකයන් සහ උපාධිධාරීන් ඇතුළත් කර ගැනීම නැෂනල් ක්ලියරින්හවුස් පර්යේෂණ මධ්‍යස්ථානයට නිකුත් කළ දත්තවලට අනුව මේ මාසයේදි පිළිවෙලින් 15% කින් සහ 7.8% කින් අඩුවී තිබේ.

ඊට සාපේක්ෂව, විදේශ රටවල සිසුන් අමෙරිකා එක්සත් ජනපදයට රැගෙන එන ආර්ථික ප්‍රතිලාභවලට වටිනාකම ද සැළකිය යුතු පරිදි අඩුවී ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 2019  -20 අධ්‍යයන වර්ෂය තුළ විදේශ සිසුන් අමෙරිකා එක්සත් ජනපදයට ඩොලර් බිලියන 38.7 ක දායකත්වයක් දැක්වූ අතර, ඊට වසරකට පෙර එම දායකත්වය ඩොලර් බිලියන 41 ක් ලෙස සටහන් වී තිබිණ.

“මේ පාලනය සංක්‍රමණිකයන් මේ රටට රැගෙන එන හැකියාවන්, ශක්තීන් සහ ආර්ථික ප්‍රතිලාභ මේ පරිපාලනයට කිසිදු වටිනාකමක් නැහැ”, අන්තර්ජාතික අධ්‍යාපනඥයන්ගේ සම්මේලනයේ ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ රැෂෙල් බෑන්ක්ස් පවසයි. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top