යූඑස්එස් නිමිට්ස් යුද නෞකාව පර්සියානු ගල්ෆ් කලාපයෙන් පිටව යමින් සිටින බවට නිවේදනය කොට දින තුනක් ගතවීමට පෙර, එම තීරණය වෙනස් කිරීමට පෙන්ටගනය හෙවත් අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි ඉරාන ‘තර්ජන’ හේතුවෙන් එම යුද නෞකාව තවදුරටත් මැද පෙරදිග ප්‍රදේශයේ රඳවා තබන බව පෙන්ටගනය නිවේදනය කර ඇත.

නෞකාවේ මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළ තීරණය සහකාර ආරක්ෂක ලේකම් ක්‍රිස් මිලර් විසින් ලබාදී තිබේ. ‘අමෙරිකා එක්සත් ජනපදයට ඇති අධිෂ්ඨානය පිළිබඳව කිසිවෙකු සැක කළ යුතු නැතැයි” ඔහු නිකුත් කළ කෙටි නිවේදනයක දැක්වේ. ඉරානයේ ප්‍රමුඛතම හමුදා ජනරාල්වරයෙකු වන කාසීම් සුලෙයිමානි ඝාතනය කොට වසරක් සම්පූර්ණ වන අවස්ථාවක මෙම පුවත මාධ්‍යයට නිකුත් විය.
මාස 10 ක අසාමාන්‍ය දිගු කාලයක් කලාපයේ රැඳී සිටීමෙන් අනතුරුව නිමිට්ස් ප්‍රහාරක නෞකා බල ඇණියට ආපසු වොෂිංටනයේ බ්රෙමර්ටන් බලා පිටව යන ලෙසට මිලර් මීට දින තුනකට පෙර නියෝග කොට තිබිණ.