“අපට තවත් අමෙරිකාවක් වීමට අවශ්‍ය නෑ”, සබඳතා තහවුරු කරගැනීමට චීනයෙන් අමෙරිකාවට කොන්දේසි

5ff007b585f540131f06a1b0.jpg

REUTERS/Tingshu Wang

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී වොෂිංටනය විදේශ සම්බන්ධතා සම්බන්ධව අනුගමණය කරන ප්‍රවේගකාරී ප්‍රවේශය පිළිබඳව නව වසරේ දී උපදේශයක් ලබා දෙමින්, ජාතීන් දෙකම සහයෝගීතාවය සහ ස්වයං-වර්ධනයට කැපවන්නේ නම් චීන-අමෙරිකා සම්බන්ධතාවන් වර්ධනය විය හැකි බව පෙන්වා දෙයි.

මාතෘකා ගණනාවක් පිළිබඳව රාජ්‍ය මාධ්‍ය සමඟ පැවති සාකච්ඡාවකදී අදහස් දැක්වූ වැන්ග් බෙයිජිං පාලනය වෙෂිංටනය සමඟ තම සබඳතාවයන්හිදී “පෙර නොවූ විරූ දුෂ්කරතාවයන්ට” මුහුණ දුන් බව පිළිගෙන තිබේ. අමෙරිකානු පාර්ශවය චීනය “යටපත් කිරීමට” සහ “නව නිරවි යුද්ධයක් ආරම්භ කිරීමට” යත්න දරන බවට ඔහු චෝදනා කළේය.

එවැනි ප්‍රකෝපකිරීම් දෙරටෙහිම වුවමනා එපාකම්වලට හානිකර බව පෙන්වූ චීන විදේශ ඇමතිවරයා ගැටුම්කාරී මූලෝපාය අවසානයේ “මුළුමනින්ම අසාර්ථක විය හැකි ය” යනුවෙන් කියා සිටියේය.

චීනයේ “කඩිනම් සංවර්ධනය” පිළිබඳව වොෂිංටනය කලබලයට පත්ව ඇති බව පෙන්වා දුන් විදේශ ඇමතිවරයා”, සෙසු රටවල නැඟී ඒමට “අවහිර නොකොට” ස්වයං-වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන්නැයි අමෙරිකාවෙන් ඉල්ලා සිටියේය.

චීනය ගෝලීය තලයේ බලවත් රාජ්‍යයක් බවට පත්වන විට, එය කිසිදු ලෙසකින්වත් වොෂිංටනයේ හැසිරීම අනුකරණය නොකරන බැව් අවධාරණය කළේය.

“චීනය තවත් අමෙරිකා එක්සත් ජනපදයක් ලෙස හැසිරෙන ලෝකයක් අපට වුවමනා නැහැ. එවැන්නක් තර්කාන්විත හෝ කළ හැකි නොවේ. ඒ වෙනුවට, අමෙරිකා එක්සත් ජනපදය තමන් සාර්ථක රටක් බවට පත්වීමට උත්සාහ කළ යුතුයි, එවිට චීනයට නිසැකවම හොඳ රටක් බවට පත්වේවි”, වැන්ග් පැවසීය.

වොෂිංටනයේ එදිරිවාදී ක්‍රියා කලාපය හමුවේ පවා, බ්‍රිතාන්‍යයේ චින්තන පර්ෂදයක් කළ නවතම අධ්‍යයනයකට අනුව වසර 2028 වන විට චීනය අමෙරිකා එක්සත් ජනපදය අභිබවා යමින් ලොව විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි හෙළිවී තිබේ. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top