කොවිඩ් පැමිණියේ කොහේ සිට ද? ලෝක සෞඛ්‍ය සංවිධානය විමර්ශනයක් අරඹයි

d41586-020-03165-9_18566764.jpg

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් – 19 වසංගතයේ මූලාරම්භය කුමක් ද යන්න පිළිබඳව විමර්ශනය කිරීමේ සැළසුමක් ඉදිරිපත් කරයි. මෙම විමර්ශනය SARS-CoV-2 නව කොරෝනා වෛරසය මුල්වරට හඳුනා ගැනුණු චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ කෙරෙනු ඇත. මෙවැනි වෛරස් ආසාදන අනාගතයේ පැන නැඟීම වළක්වා ගැනීමට එම වෛරසයේ ගමන් මග විමසා බැලීම වැදගත් වන අතරම විද්‍යාඥයන් පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට එහිදා දැවැන්ත අභියෝගයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවයි.  

වෛරසය වවුලන්ගෙන් ආරම්භ වූ බව බොහෝ පර්යේෂකයන්ගේ අදහස වී ඇතත්, එය මිනිසාට වැළඳුනේ කෙසේද යන්න තවමත් අබිරහසකි. අනෙකුත් කොරෝනා වෛරස් ආසාදන ආසන්නතම අනුග්‍රාහක සත්වයෙකු මගින් මිනිසාට වැළඳුණු බැව් අනාවරණය වී තිබේ. උදාහරණ ලෙස, 2002-2004 සාර්ස් වසංගතය රැකූන් සුනඛයාගෙන් හෝ සිවෙට් නමැති සතාගෙන් මිනිසාට බෝවුණු බැව් තහවුරුවී තිබේ.

SARS-CoV-2 ආසාදනය සහිත සතෙකු සෙවීම ලෝකයේ විශාලතම පිදුරු ගොඩෙන් ඉදිකටුවක් සෙවීමකට සමාන ය”, නිව් යෝර්ක් නගරයේ කොලොම්බියා සරසවියේ වෛරස් විද්‍යාඥ ඇන්ජෙලා රාස්මුසන් පවසයි. “විද්‍යාඥයන් සහ චීන රජයේ නිලධාරීන් අතර සහයෝගීතාවයක් ගොඩ නඟා ගැනීම අතිශයින්ම වැදගත්”.

වෛරසයක මූලාරම්භය සොයා ගත හැකිනම්, ඊට වසර ගණනාවක් ගත විය හැකි අතරම, එහිලා පර්යේෂකයන්ට අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර අතිශයින් සංවේදී දේශපාලන වාතාවරණය තුළ අසීරු ගමනක නිරතවීමට සිදුවනු නිසැක ය. “අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එය චීන වෛරසයක් බව පවසන අතර, එය චීන වෛරසයක් නොවන බව පෙන්වීමට චීන රජය හැකි සෑම දෙයක්ම කරමින් සිටී”,  යැයි සිංගප්පූරු වෛද්‍ය විද්‍යාලයේ වෛරස් විද්‍යාඥ ලින්ෆා වෑන්ග් කියයි. දේශපාලනික වශයෙන් එකිනෙකාට දෝෂාරෝපණ එල්ල කරගැනීමේ ක්‍රියාවලිය තුළ, චීනයේදී සිදු කෙරෙන පර්යේෂණයට අදාළ වැදගත් දත්ත රහසිගතව තබා ගැනීමට සිදුවනු ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමර්ශන කමිටුවේ සාමාජිකයෙකු වන ඔහු පවසයි.  

අමෙරිකා එක්සත් ජනපදයේ නව පාලනය එහිලා තරමක් මධ්‍යස්ථව ක්‍රියා කරනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි.  ජනාධිපතිවරයා ලෙස තෝරා ගනු ලැබ සිටින ජෝ බයිඩන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා අස්වීමට ට්‍රම්ප් ගත් තීරණය වෙනස් කරන බවට ප්‍රතිඥා දී තිබේ. චීනය සහ අමෙරිකා එක්සත් ජනපදය ලබා දෙන සහාය “මෙම ක්ෂේත්‍රයේ විමර්ශන සිදුකිරීමට වඩාත් සුබදායී පරිසරයක් සළසනු ඇත”, ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

වසංගත රෝග විද්‍යාඥයන්, වෛරස් රෝග විද්‍යාඥයන් සහ ප්‍රජා සෞඛ්‍ය, සත්ව සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ පර්යේෂකයන් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් – 19 විමර්ශනයට එක්වනු ඇත. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top