ලෝක ජනගහනයෙන් සෑම 10 දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

child.jpg

ලොව පුරා සෑම දස දෙනෙකුගෙන් එක් අයෙකු කොවිඩ් – 19 වෛරසයේ ආසාදනයට ලක්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානයේ නායක හමුවකදී මේ බැව් අනාවරණය කෙරිණ.

ඒ අනුව “ලෝක ජනගහණයෙන් අති බහුතර පිරිසක් රෝගයේ ආසාදනයට ලක්ව ඇතැයි”, එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු මාධ්‍යයට ප්‍රකාශ කොට තිබේ.

මේ දක්වා මිලියන 35 ක පිරිසක් රෝගයේ ආසාදනයට ලක්ව ඇතැයි තහවුරුවී ඇති අතර, රෝගය වැළඳුණු මුළු රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 800 ඉක්මවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

දැනට තහවුරුවී ඇති රෝගීන් සංඛ්‍යාවට වඩා විශාල පිරිසකට රෝගය වැළඳී ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති.

වසංගතයට ගෝලීය ප්‍රතිචාරයක් පිළිබඳ සාකච්ඡා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීහු ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයට රැස්වූහ.

මාස දහයක් ගතව ඇති නමුත්, අර්බුදය තවමත් පහව යන බවක් දක්නට නොලැබේ. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කළ බොහෝ රටවල දෙවන රැල්ලක් මතුව ඇති අතර, එහිදී පෙරට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවෙමින් පවතී. 

Vijaya Dissanayake

Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

Share this post

    Vijaya Dissanayake

    Vijaya Dissanayake

    Geo - political Analyst  |  Journalist  |  Director of Programmes - Sri Lanka Rupawahini Corporation

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    scroll to top